ජීවිතේ Slow ද?
^ අඩෝ! ඇයි උඹ කඳු පාරක යද්දි පහළ Gear එකක යන්නේ?
- උඩ gear එකක ගියොත් Engine එක නතරවෙනවනේ යකෝ. ලොකු Torque එකක් එක්ක බර දාලා අදින්න පුළුවන් පහළ gear එකක යද්දි. මොකද එතකොට මග නතරවෙයි කියලා බයවෙන්න හේතුවක් නෑ. හැබැයි ගමන හෙමින් යන්නේ.
^ ඉතින් උඹට පුළුවන්නේ මග නතරවෙයි කියලා බය නැතිවම යන්න කෙලින් පාරකත් උඩ Gear එකකම යන්න.
- ඒත් එතකොට Engine එකට හරි අමාරුයි. Stress වැඩියි. සැහැල්ලුවෙන් යන්න පුළුවන්කම තියෙද්දි ඇයි බර Gear එකක අමාරුවෙන් යන්නේ?
අපිට අමාරු පාරක් හම්බවුණාම Slow කරලා ලොකු Torque එකක් එක්ක යන්නයි, ලේසි පාරක් හම්බුණාම ඇරලා තියලා යන්නයි තමයි Transmission එක හදලා තියෙන්නේ. ඒ වගේම පල්ලමක් හම්බුණාම තෙල් ඉතුරු කරගන්න කියලා Engine off කරන්න ගියාමත් Control කරගන්න අමාරුයි. ඔහේ අතෑරලා දාලා යන්න දෙනවට වඩා gear එකක තියෙද්දි පාලනය කරගන්න පුළුවන්.
අමතක කරන්නේ නැතුව මග සැරින් සැරේ Cool down කරන්න නතර කරන්නත් ඕනේ.
පහළ Gear වල හෙමින් සැරේ තාමත් නවත්තන්නේ නැතුව යන මගේ සගයින්ට ඉක්මනට Shift Up කරගන්න ලැබේවා! ❤️
(#මේකතාවවාහනගැනනොවෙයි)
#අම්මටහුඩු #ජියර්එකඅඩුකරලහෙමින්යමු #ජීවිතේඅමාරුයි #තෙල්ගණන් #තේරුම්ගන්ට
— “Bro, why are you crawling up mountain passes in low gear?”
— “Because if you try climbing a steep incline in a high gear, the engine stalls, man! Low gears deliver heavy torque so you can pull serious load without stalling. Sure, progress is slow, but there’s zero fear of breaking down halfway.”
— “Then why don’t you just stay in high gear all the time on straight roads so you never have to worry?”
— “Because that puts insane strain on the engine! The stress builds up. When the open road lets you cruise smoothly, why force your machine through heavy gear drag for no reason?”
The entire transmission system was engineered for a reason: when you hit a brutal uphill stretch, you drop down a gear and push with high torque. When you hit a smooth, flat highway, you open the throttle and roll. And when you encounter a steep downhill drop, turning off the ignition to “save fuel” is a recipe for disaster—engine braking in gear gives you total control, whereas coasting in neutral lets gravity run wild.
And don’t forget: every now and then, you have to pull over to let the machine cool down.
To all my brothers currently crawling through life’s steep inclines in low gear—may you hit the open stretch and shift up real soon! ❤️
(#ThisAintAboutVehicles)
#lowgearmentality #lifelessons #torqueoverspeed #keepgrinding #shiftup