<< Return to Mind
|
2025: end of year-rant

2025 Annual Rant


මේක දාන්න සෑහෙන්න පරක්කුයි කමක් නැ තව වෙලාව තියෙයිනේ.

පහුගිය 2024 අවුරුද්ද මම දනිස් දෙකත් තුවාල වෙන්න වැටිලා මගෙ ජීවිතේ එකම අරමුණ ඊගාව කෑම වේලට සල්ලි හොයාගන්න ලෙවල් එකේ ඉඳන් ආයෙත් හෙමීට ගොඩආවේ. (මගෙ වටේ ඉන්න Circle එක මාව අල්ලන් ඉඳියා)

Overall මේ අවුරුද්ද survival Hustle එකෙන් ගොඩ ඇවිත් ඇඟට ගුණ කෑමක් ගාන බලන්නෙ නැතුව කන ලෙවල් එකේ ඉඳන්. සල්ලි වියදම් කරලා experimental projects වලට යට කරන ගානට Foundation එකක් දාගත්ත කියල කියතැකි.

Career එක Generalist Video editor කෙනෙක්ගෙ ඉඳන් Compositor කෙනෙක් වෙනකන් Specialize කරගන්න පුලුවන් උනා. 2022 මුලින්ම job එක කරන්න පටන්ගත්ත දවසෙ ඉඳන් මාර කට්ටක් කෑවා තනියම Survive වෙන්න. මට තේරෙනවා මම දැන් හරි පාරට වැටිලා කියලා. ඉදිරි අවුරුද්දෙ අග වගේ වෙද්දි තවත් experimental වැඩ කිහිපයක් එලියට දාන්න හිතන් ඉන්නවා.

අහ් විෂේශයෙන් කියන්ටෝන: ඔයාගෙ limit එක කියන්නෙ ඔයාට ඇති කියල දැනෙන ගාන එහෙම නැතිව නින්දක් නැතුව වැඩ කරලා හම්බකරන ගානත් දොස්තරලට පුදන්න වෙන ගාන නෙවෙයි. (Learned this hard way)

ඊට අමතරව mentally නම් let it go, It is what it is, choose your fucks wisely වගේ Quotes සැහෙන්න උදව් උනා. මම ups downs වැඩිය නැති Stable Life එකක ඉඳියේ.

ජීවිතේ මේ ගතවෙච්ච අවුරුදු විසිගානට මගෙ තිබ්බ Solidම අවුරුද්ද (not the happiest either the saddest) except මගෙ ලඟ යාලුවෙක් නැතිවෙනවා, මගෙ හැමදේකදිම මගෙ පස්සෙන් ඉඳපු බලු තඩියා මාව දාලා යනවා (තාම මට ගෙදර යන්ඩ හරි අමාරුයි ඌව මතක් වෙනවා).

Spend your life with your loved ones.
We don’t know if it will be the last time.

මචං මට කියන්ඩ තියෙන්නෙ delayed gratitude සහ loving the process and keep pushing forward කියන්නෙ ජීවිතේ කරන්න පුලුවන් හොඳම දේවල්. අනික පොඩ්ඩක් හරි energy එක waste වෙනවනම් අතාරින්න.

එහෙනම් අපි ගියා.
ජීවිතේ ලස්සනයි ආදරෙයි තෙරුවන් සරණයි.
සුබ!

#ලෝකිගේලෝකය #හඬපටහාරූපකසහිතයි

Pretty late putting this out, but time is still here.

2024 had me on my knees, scraped up, where my only goal was making enough cash for the next meal. Built back up slowly with the support of my circle.

Overall, moved from pure survival hustle to eating good food without checking prices, and laying down a financial foundation for experimental projects.

Career-wise, specialized from a Generalist Video Editor into a Compositor. Worked my butt off since my first job in 2022. I feel like I’m on the right track now.

Key takeaway: Your limit is what feels sufficient to you—not sleepless nights grinding cash that you eventually pay back to doctors. (Learned this the hard way).

Solid year overall. Lost a close friend, lost my loyal dog who backed me everywhere (still tough going home without him).

Spend time with your loved ones. We don’t know if it’s the last time.

Love the process, practice delayed gratitude, and keep pushing forward. Drop anything that drains your energy.

Be good!

- Loki -

<< Return to Mind
Triumph Scrambler 400 X
Chanuka Walking
Chanuka Riding Scrambler