Mpow Flame Review
Mpow Flame review ඈස් අ බජට් යූසර්!
ඔයාත් රු 4000න් පහල හොඳ වයර්ලස් ඉයර්ෆෝන් එකක්ද බැලුවෙ? ඒනම් මේක තමයි වන්ඩිය!
මං මේක ගත්තෙ සේල් එකක් තියෙන දවස්වල. හරියටම සතියකින් ගෙදරට තැපැල් අංකලයා කැන්දගෙන ආවා මෙයාව.
(අලිඑක්ස්ප්‍රස් එකෙන් මට බලු වැඩේ කළේ: සේල් එක ඉවර වෙච්ච ගමන් රු 400ක් අඩුවෙලා තිබ්බා 😒)
එනම් පටන් ගන්නංකො!
මුලින්ම මේකෙ පුරාජේරුව කියන්නං.
අර ලෝක ප්‍රසිද්ධ පෙට්ටි කඩන අයියා ඉන්නෙ (Unbox Therapy)—අන්න ඒ මනුස්සයයි, අර MKBHD කියන ඩෑල් එකයි මේකෙ ගුණ වර්ණනාවක් කරලා තිබ්බා 😌. ඉතින් ඒකට වහ වැටිච්චි මං අර රෙද්දෙ අලිඑක්ස්ප්‍රස් එකෙන් ඕඩර් කළා.
විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මට ණයට සල්ලි දුන්න මහත්වරුන්ට (සතියක් ඇතුලත ගෙවනවා 😒).
ආ තව එකක්, මම මේකෙ රිවීව් වීඩියෝ එකක් හදන්න ඔක්කොම කළා. අන්තිමට වැඩේ හබක් වුණා. සෝ මං මේක ලියන්ඩ හිතුවා.
මේකට පෙට්ටිය අස්සෙ රබර් කොපු ටිකකුයි (සිලිකන් ඊයර් ටිප්ස්), කොල කෑලි ටිකකුයි, වයර් කෑල්ලකුයි හම්බවෙනවා. තව තියෙනවා ලස්සනම ලස්සන පවුච් එකකුත්.
රිවීව් එක පටන් ගමු!
මං මේක කම්පෙයා කරන්නෙ Rock Zircon සහ Mi In-Ear Basic කියන දෙකත් එක්ක.
දැන්නම් ඒ දෙක නෑ—අපේ එළදෙන එකක් ගත්තා, අනික යාලුවෙක් ගාව. ඒ හින්දා මතකෙ හැටියට තමයි comparison එක!
-
Build Quality:
මේකෙ හයිය හොඳයි පුතේ! රිබන් එකක් වගේ වයර් එකක් තියෙන්නෙ, සුපිරි ඈ. කැඩෙන්නෙ එහෙම නෑ, මං තුන් හතර පාරක් හයියෙන් ඇදලත් බැලුවා. ආ තව වතුර යන්නෙ එහෙම නෑලු—IPX7 certificate තියෙලු! (ඒවා චෙක් කළේ නෑ මං). -
Comfort & Fit:
ඊටපස්සෙ කම්ෆටබල්ද කියන එක බලමුකො. මං මේක ගහගෙන නිදාගෙනත් තියෙනවා. සාමාන්‍යයෙන් පැය දෙකක් තුනක් සිංදු අහද්දි කනේ හිල රිදෙන්ඩ ගන්නවා. හිල ටිකක් ලොකු වෙලා වගේ දැනෙන්නත් පුළුවන්! 😭
මං දාගෙන තියෙන්නෙ පොඩිම රබර් කොප්ප. සයිස් හතරකින් ඒවා තියෙනවා. මේක කනේ හිටිනවා ආයෙ කිසි ලෙඩක් නැතුවම. සරලව කිව්වොත් ඔයා බස් එකක් අල්ලන්න දුවනකොටවත් මේක හැලෙන්නෙ නෑ ඕං. හැබැයි බෙල්ලෙ දාගෙන නම් දුවන්ට යන්ටෙපා, මේ මගුල කැලේකටවත් විසික්වෙයි! -
Buttons & Layout:
මේකෙ වොලියුම් බටන් දෙකයි පවර් බටන් එකයි තියෙනවා. ඒ තුනෙන් එක එක functions තියෙනවා. පොඩි LED එකකුත් තියෙනවා. -
Sound Quality:
දැන් සවුන්ඩ් ගැන කතා කරමු!- vs Mi In-Ear Basic: මේකයි Mi In-Ear Basic එකෙනුයි ඇහුවොත්, In-Ear Basic එක බල්ලෙක්ට ගහන්ට පාවිච්චි කරන්ට පුළුවන් කියලා ඔයාටම හිතෙයි! ඒක wired වුණාට, මේක wireless වුණාට මේකෙ sound quality ඒ මගුලට වඩා පට්ට. Bass වුණත් මාරම deep ගතියක් තියෙනවා. Details එහෙම සුපිරිම ඈ 👌.
- vs Rock Zircon: Rock Zircon කියන්නෙ budget set එකේ රජතුමානෙ! එයාව අල්ලන්න නම් මෙයාට බෑ, හැබැයි අගමැති වෙන්න තරමටම මෙයාගෙ sounds හොඳයි.
- Individual Sound Profile: ඉහළ frequency චුට්ටක් අඩුයි. මැද සහ පහළ frequencies (mids & lows) නම් හොඳටම හොඳයි. Crystal clear කියන මට්ටමට වගේ ගන්න පුළුවන් (මගේ මතයට අනුව).
- Noise Isolation: Noise එහෙමත් ගොඩක් දුරට ඇහෙන්නේ අඩුවෙන් මේ earphone එක ගහගෙන යද්දී. කොටින්ම අම්මා බනින්න පටන් ගන්නකොටම මම මේක කනේ ගහගෙන සිංදුවක් දාගන්නවා, එතකොට එයා කියන ඒවා ඇහෙන්නෑ! (ANC තරම් නම් නෑ හොඳේ).
-
Software & Equalizer Tuning:
මම මේක කිසිම equalizer එකක් නොදා තමයි compare කළේ. කොහොම වුණත් මම දැන්නම් පාවිච්චි කරන්නෙ SBS enable කරලා ViperAudio එකත් එක්ක තමයි!
Music app එකෙන් සිංදු මාරු කරද්දී වැඩිය late වෙන්නෙ නෑ. හැබැයි මේකෙ තියෙන button එකෙන් මාරු කරද්දී තප්පර දෙකක වගේ වෙනසක් (delay) තියෙනවා. -
Mic & Battery Life:
- Mic: මට නම් දැනට ලොකු අවුලක් ආවෙ නෑ. දවසකට පැය දෙක තුන කතා කරලා test කරලා තියෙන්නේ. හයියෙන් කෑගහන්න ඕනි නෑ, normal එකේ කතා කළාම අනිත් එකාට ඇහෙනවා.
- Battery: පැය 7-10 කියලා පෙට්ටියෙ ගහලා තියෙන්නේ. ඒත් මට නම් මේක පැය 8ක් වගේ තමයි පාවිච්චි කරද්දී සෙට් වුණේ. මට නම් ඒක හොඳටම ඇති!
- Charging Time: පැය දෙකක් තමයි charging time එක.
වෙන ඉතින් කියන්ට දෙයක් නෑනෙ. මියුසික් වලට නම් සුපිරිම වන්ඩියක් තමා මේක!
අවුල අර පැය දෙක තුන ගහන් ඉද්දි හිල රිදෙන එක තමයි 😭.
කොහොම වුණත් මේක recommend කරන්න පුළුවන් සුපිරිම වන්ඩියක්!
(මේකෙ Mpow Flame 2 එකත් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒකෙ sounds මේක තරම් quality නෑ කියලා reviews දාලා තිබ්බා).
ඉස්තුතියි!
භංගවේවා!
#MpowFlame #EarphoneReview #BudgetAudio #ViperAudio #AliExpress #TechCraft
Mpow Flame Review from a Budget User Perspective!
Looking for a solid wireless earphone under Rs. 4000? Look no further—this is the beast!
I bought this during an AliExpress sale. The postman uncle delivered it straight to my doorstep exactly one week later.
(AliExpress pulled a dirty move on me though: right after the sale ended, the price dropped by another Rs. 400 😒).
Alright, let’s jump right into it!
The Backstory & Unboxing
First off, let me brag about why I bought this.
That world-famous unboxing guy (Unbox Therapy) and MKBHD both sang endless praises about these budget buds 😌. Naturally, I fell for the hype and placed the order on AliExpress.
Special thanks to the gentlemen who lent me the cash for this (paying you back within a week, promise 😒).
Side note: I actually recorded a full video review for this, but the file got corrupted at the end. So I decided to write this post instead.
Inside the box, you get a bunch of silicon ear tips, some instruction booklets, a charging cable, and a surprisingly premium-looking hard carrying case.
The Actual Review
I’m comparing these against two wired staples: the Rock Zircon and the Mi In-Ear Basic.
(Don’t have those two on hand right now—a friend took one, and another friend took the other—so this comparison relies on pure audio memory).
-
Build Quality:
The build quality is absolute steel, my friend! It uses a flat, ribbon-style cable that feels super durable. I even pulled it pretty hard three or four times to test—zero damage. Supposedly it’s IPX7 waterproof certified too (didn’t dare test that though!). -
Comfort & Fit:
Now let’s talk comfort. I’ve even slept with these on. Usually, after 2 to 3 hours of continuous playback, your ear canal starts aching pretty bad—feels like the ear hole expanded! 😭
I use the smallest silicon ear tips included (it comes with 4 sizes). The fit is ultra-snug with zero slippage. Simply put: even if you run to catch a moving bus, these will NOT fall off. Just don’t sprint with them dangling around your neck, or they’ll fly off into the wilderness! -
Buttons & Controls:
Features dedicated volume controls, a multifunction power button, and a small status LED. -
Sound Quality:
- vs Mi In-Ear Basic: If you listen to both back to back, you’ll realize the Mi In-Ear Basic is garbage in comparison! Even though the Mi is wired and the Mpow is wireless, the sound clarity on the Mpow blows it out of the water. The bass has a remarkably deep rumble. Micro-details are crisp 👌.
- vs Rock Zircon: The Rock Zircon remains the undisputed king of budget audio. The Mpow Flame can’t dethrone the king, but it’s easily strong enough to be Prime Minister!
- Sound Signature: Highs (treble) are slightly rolled off, but mids and lows are rock solid. Delivers near crystal-clear audio for the price.
- Passive Noise Isolation: Cuts out background noise surprisingly well. Case in point: whenever my mom starts nagging, I pop these in and hit play—instant silence! (Not true ANC, but effective).
-
Equalizer & Audio Tuning:
I did my comparisons with zero EQ applied. But for daily driving, I run these with SBS enabled alongside ViperAudio!
Track skipping via the phone music app is instant. Using the onboard inline earphone buttons has a tiny 2-second delay. -
Microphone & Battery Life:
- Microphone: No complaints here. Tested on 2-3 hour calls daily. You don’t need to shout; normal speaking volume comes through clearly to the receiver.
- Battery Life: Rated for 7-10 hours on the box. In real-world testing, I get about 8 solid hours of playback. More than enough for me!
- Charging Time: Takes around 2 hours for a full charge.
Final Verdict
Nothing more to add. For pure music enjoyment on a budget, this machine is an absolute winner!
The only real drawback is the ear canal soreness after 3 hours of continuous use 😭.
Either way, highly recommended budget wireless gear!
(Note: Mpow Flame 2 is also out now, but reviews suggest the audio tuning on version 2 isn’t as good as this original version).
Thanks!
Bhanganwewa!
#MpowFlame #EarphoneReview #BudgetAudio #ViperAudio #AliExpress #TechCraft