කොලඹ කාක්කෙක්
නිකමට පහුගිය දේවල් Recall කරලා බලද්දි, හාත්පසින්ම වෙනස් දේවල් වලට පුරුදු වෙලා ඉන්නේ… මං කොළඹට එන්න කලින් ඇත්තටම හෙන නිදහසේ හිටියා. හිතෙන හිතෙන වෙලාවට කොහේහරි කන්දක් උඩ, නැත්තන් කොහේමහරි ට්‍රිප් එකක් යනවා…
මෙහෙට ආවට පස්සේ මම Chai එකක් බොන්න එළියට යන ඒවායි… ඔළුව හැරිච්ච අතේ රෑට බයික් එකේ යන එකයි තමයි උපරිම වුණේ… මම දුර ගමන් කියලා උපරිම ගාල්ලටයි නුවරටයි තමයි ගියොත්… මාස හය හතකට සැරයක් තමයි ට්‍රිප් එකක් ගියත් යන්නේ.
මම සෑහෙන්න මූඩ් ගහනවා ඉතින් පරණ photos බල බලා… ඒත් ඉතින් මෙහෙට ආපු හේතුවත් එක්ක මට ඒ ඇඟ ඇතුළේ ඉන්න පොඩි එකාව පොඩ්ඩක් මෙල්ල කරන් ඉන්න වෙනවා.
ඒ කොහොම වුණත් මට පහුගිය ටිකේ හරිම අහම්බෙන් trips කීපයක් යන්න හම්බුණා… ගිය සතියට කලින් සතියේ ආරුගම්බේ ගියා, ගිය සතියේ මාතලේ පැත්තේ රවුමක් දැම්මා… දූවිලි කාගෙන, වාහන වල උන්ට බැනගෙන යන එක කට්ට වුණාට මාර ආතල්!
අන්න එතකොට මට ආයෙත් පරණ Life එකේ රහ තේරෙන්න ගත්තා… ඇත්තටම මේ Corporate Life එකට හිරවෙලා හිටියට, අස්සේ ඉන්න ඉත්තෑවාට කන්න බොන්න දෙන්න එහෙම මහ ලොකු දේවල් ඕනේ නෑ… ලස්සන පාරක් එක්ක හොඳ Viewpoint එකකුයි, වේදනාව දරාගන්න පුළුවන් Iron Butt එකකුයි තිබ්බ නම් හොඳටම ඇති!
#මේදවස්වලපොඩ්ඩක්ඩාංඩූංවෙලාඉන්නනිසාහිතටඑනමගුල්ලියලාදානවා #හඬපටහාරූපකසහිතයි
Looking back and recalling the past, it hits me how drastically I’ve adapted to a completely different lifestyle… Before I moved to Colombo, I lived with absolute, unadulterated freedom. Whenever the mood struck, I’d be up on some misty mountain peak or taking off on a random road trip.
After relocating here, my definition of an “adventure” shrank down to stepping out for a late-night cup of Chai or aimlessly riding my bike through city streets whenever my head felt heavy. “Long distance rides” meant Galle or Kandy at best, and real road trips only happened once every six or seven months.
I’d catch myself sinking into deep nostalgia scrolling through old photos… But considering the exact reason why I moved to this city, I have to keep that wild, restless kid inside me somewhat tamed.
Regardless, over the past few weeks, a series of totally unplanned trips landed in my lap. Two weeks ago, I rode out to Arugam Bay. Last week, I took a wild spin through Matale… Inhaling road dust and cursing out terrible drivers was pure chaos, but damn, it was an absolute blast.
And right then, I tasted the raw flavor of my old life again… Truth is, even when we’re trapped inside the corporate daily grind, feeding the wild soul inside us doesn’t require grand luxuries. All you really need is a beautiful stretch of open road, a solid viewpoint, and an iron butt capable of enduring the pain.
#corporateescape #biketales #ironbutt #reclaimingfreedom #nostalgia