<< Return to Craft
|
Soundcore Liberty Neo: User Review
📷 Anker Soundcore Liberty Neo TWS earbuds inside open charging case.

Soundcore Liberty Neo review


Soundcore Liberty Neo user opinion

හෙලො 🙂 කොහොමද ඉතින් කාලෙකට පස්සෙ

Mpow Flame එක යාලුවෙක් ඒකෙ හයිය බලන්න ගිහින් කඩල දැම්ම හින්දා මම අලුත් එකක් ගන්න උවමනාවෙන් ඉඳියෙ.
ඒ ගන්න යද්දි මට තේරීම් ගොඩක් කරන්න වුණා.
මම වැඩිපුරම බලාපොරොත්තු වුණේ Sound Quality එක හින්දා මම Type එක නොබලා ජාති කීපයක් තෝරගත්තා.

ඒවයින් අන්තිමට ඉතුරු වුණු ටිකයි ඒව අතාරින්න හේතුයි එකටම දාන්නම්:

  1. KZ ZSX Terminator 12drivers (මේකට power එක දෙන්න මගේ පෝන් එක මදි)
  2. Soundcore Life 2 (Sound Balance නැහැ කියල ආරංචි වුණා)
  3. Soundcore Spirit X (සේල් එක කටේ තියාගෙන stocks ඉවර වුණා)
  4. Mpow D9 (අර Dedicated මයික් එක හින්ද එච්චර ඇල්ලුවේ නෑ මට)
  5. Mpow H10 (ඒකටනම් එච්චර කැමැත්තක් තිබ්බෙම නෑ)

මම මට දැනුන විදියට කියන්නම්…
ජීවිතේට ලොකු හෙඩ්සෙට් එකක් පාවිච්චි කරල නෑ 😪
ඉතින් මට කියන්න වෙන්නේ පොඩි ගනන්වල ඒවයේ අත්දැකීම් මත.

(Q) Bass Mid High කොහොමද?

  • Bass ටිකක් deep වගේම පට්ටම පහලින් යන්නේ… ඒ කියන්නේ බූම් බූම් ගාන්නෙ නෑ bassup technology එකට පිං සිද්දවෙන්න.
  • Mids මේක ඉතින් Vocal වලට optimize කරල වගේ 👀 හොඳයි.
  • High කිසි අවුලක් නෑ 😪
    මේකෙ තියෙන්නෙ Custom tuned graphene driver එකක්ලු.

(Q) Details කොහොමද?

  • AAC codec තියෙනවා ඒ හින්දා 320kbps වගේ අහන්න පුලුවන් details නියමයි කොනක තියෙන ටෝන් ඉඳන් ඇහෙනවා.

(Q) Mic එක එහෙම බැලුවෙ නැද්ද?

  • හරියටම බලන්න වුණේ නෑ ඒත් පොඩ්ඩක් අවුල් වගේ… ඒත් noise cancelation තියෙනවා…

(Q) කනේ හිල රිදෙනවද ලොකු වෙනවද?

  • හිලේ ගානට ගැලපෙන කොපුවක් දාලා තමයි මේක ගහන්ඩෝනි ඉතින්… කොහොමත් පලවෙනි පාර දාද්දි ගොඩක් රිදෙනවා.. 😐 (කලින් මේ වගේ ඒව පාවිච්චි කරල තියෙනවනම් ලොකු අවුලක් නෑ)

(Q) මේක හැලෙනවද කනේ ගහගෙන ඉද්දි?

  • ඒක ඉතින් පුද්ගලයා අනුව වෙනස් වෙනවා… කැමති සයිස් එකෙන් කොපුවකුයි ගැලපෙන ජැකට් එකයි දැම්මනම් හැලෙන්නේ නෑ.

(Q) Noise Cancelation තියෙනවද?

  • නෑනෙ අච්චර ගනන් Galaxy Buds වලටවත් නැති එකේ මේකට කොහෙන්ද… ඒත් ඉතින් වටේ සද්ද අඩුකරන්න පුලුවන් යම් සීමාවකට… අර අම්මා සාලේ ඉඳන් බනිද්දි කාමරේට ඇහෙන්නැති වෙන්න වගේ isolation තියෙනවා.

(Q) පාවිච්චි කරන්ඩ තියෙන පහසුව ගැන කතා කරමුද ටිකක්?

  • මේකෙ Charging Box එක පොඩි හින්ද වැඩි කරදර නෑ.
    පෙට්ටියෙන් එලියට ගත්ත ගමන් දෙකම කනෙක්ට් වෙනවා කනෙක්සන් එකත් මීටර් 10ක් වගේ යනකම් වැඩ.
    ඒත් අර බටන් එකනම් ලෝක වදයක් පට්ටම කරදරයි ඔබන එක, ටච් කන්ට්රෝල් තියෙන හෙඩ්සෙට් හොඳයි මීට වඩා.

(Q) ඔක්කොම කිව්ව කෝ බැටරිය ගැන කිව්වෙ නෑනෙ?

  • බැටරි පැය 3.5ක් වගේ තමයි අදින්නෙ අර පෙට්ටියත් එක්ක 12ක් වගේ පුලුවන්… පෙට්ටිය චාර්ජ් වෙන්න පැය දෙකාමරක් වගේ යනවා.

(Q) මේක ගන්නද එපාද?

  • බස් එකේ යද්දි ගෙදර ඉද්දි සිංදු අහන එක ප්‍රධානව කරනවා නම් මේකක් ගන්න ගෙවන ගානට කිසිම පාඩුවක් නෑ.

(Q) කීයකටද උඹ ඕක ගත්තෙ?

  • මම ගත්තෙ 11.11 සේල් එකෙන් 5300කට.

(Q) ලින්ක් එකක් දියන්කො?

  • ලින්ක් එක දාන්නෙ නෑ මොකද ඕක හොයන්න කම්මැලි එකා ඕක අරගෙන වැඩකුත් නෑ.

අමතර කාරනයක්:
මම මේකත් එක්කම Mpow Flame 2 එකත් දැම්මා.
ඒකෙත් අර කලින් එකේ Bass වලට මුල් තැන දීල තිබ්බ එක නැතිව ගානට බැලන්ස් විදියට හදල තියෙනවා… ඩිසයින් එක පවා.

Special Thanks to Sanoj Nisitha / Gayan Pathinayake
සල්ලි මදි වුණ වෙලාවෙ උදව් කළාට!

හොඳයි එහෙනම්, සුබ දවසක් වේවා!

#Soundcore #Anker #LibertyNeo #AudioGear #TechReview

Soundcore Liberty Neo: User Review

Hello everyone! 🙂 How’s it going after a while?

After a friend tried testing the physical durability of my Mpow Flame and broke it, I was forced to hunt for a replacement headset.
While shopping, I had to evaluate quite a few options. Since sound quality was my top priority, I selected several models regardless of form factor.

Here are the finalists and why I dropped them:

  1. KZ ZSX Terminator 12-driver (My phone couldn’t drive enough power into it)
  2. Soundcore Life 2 (Heard reports of poor sound balance)
  3. Soundcore Spirit X (Stock ran out right during the sale)
  4. Mpow D9 (Didn’t like the dedicated mic boom)
  5. Mpow H10 (Just didn’t feel drawn to it)

Here is my honest experience…
I’ve never owned expensive audiophile headsets 😪 so I’m evaluating this based on budget earphone experience.

(Q) How are the Bass, Mids, and Highs?

  • Bass is surprisingly deep and drops low… meaning it doesn’t sound bloated or muddy thanks to BassUp technology.
  • Mids feel optimized for clean vocals 👀—very clear.
  • Highs are solid with no piercing harshness 😪. It features a custom-tuned graphene driver.

(Q) How is the detail resolution?

  • Supports AAC codec playback, so listening to 320kbps tracks reveals incredible micro-details down to subtle background tones.

(Q) How is the microphone quality?

  • Didn’t stress-test it extensively, but sounds slightly sub-par… though it includes environmental noise suppression.

(Q) Does it hurt your ears?

  • You need to swap to the eartip sleeve size that matches your ear canal… The first insertion definitely feels uncomfortable 😐 (though if you’re used to in-ear monitors, it’s fine).

(Q) Does it fall out during daily use?

  • Depends on ear anatomy, but if you pick the right sleeve and ear-wing jacket size, it stays firmly locked in.

(Q) Does it feature Active Noise Cancellation (ANC)?

  • Nope! Even high-end Galaxy Buds lacked full ANC back then, so don’t expect it here. However, passive noise isolation is great—enough to block out your mom yelling from the living room into your room!

(Q) How is the day-to-day user experience?

  • The compact charging case is tiny and hassle-free.
    Earbuds auto-pair the second you remove them from the case, maintaining solid connectivity up to 10 meters.
    However, the physical tactile push-buttons are an absolute pain to press into your ear canal—touch controls are far superior.

(Q) How is the battery life?

  • Delivers around 3.5 hours on a single charge, plus 12 hours total with the case. Case recharges fully in about 2.5 hours.

(Q) Should you buy it or skip it?

  • If you primarily listen to music while commuting on the bus or relaxing at home, it’s 100% worth every single rupee.

(Q) How much did you pay for it?

  • Snagged it for Rs. 5,300 during the 11.11 sale!

(Q) Got a buy link?

  • Not posting a link—if you’re too lazy to search for it, you wouldn’t appreciate owning it anyway!

Bonus Note:
I also ordered the Mpow Flame 2 alongside this. Unlike the bass-heavy original, the Flame 2 balances frequency response and design much better.

Special thanks to Sanoj Nisitha & Gayan Pathinayake for helping me out when budget ran short!

Have a great day, cheers!

#Soundcore #Anker #LibertyNeo #AudioGear #TechReview

<< Return to Craft
Triumph Scrambler 400 X
Chanuka Walking
Chanuka Riding Scrambler