ඉමක් කොනක් නොපෙනෙන කෘත්රිම බුද්ධි ශාපය
ඉමක් කොනක් නොපෙනෙන කෘත්රිම බුද්ධි ශාපය
මම දැන් ටික කාලෙක ඉඳන් AI Assisted Videos සම්බන්ධව Experiments කරන නිසා මේ ගැන කතා කරන්න හිතුනා.
මේ AI generated රැල්ල 2022 අග වගේ ඉඳන් මේ වෙද්දි සෑම ගෙදරකම සිටියයුතු වෙදමහත්මයා වෙනකන් දියුණු වෙලා තියෙන්නේ..අපි Whatsapp එකටත් වඩා පාවිච්චි කරන්නේ Chatgpt නැත්තන් Gemini.
මේ රැල්ලත් එක්ක සෑහෙන්න වැඩ ලේසි වුණා…Copywritersලට Editors ලට marketersලට සෑහෙන්න දුරට මේකෙන් වැඩ ලේසි කරගන්න හම්බ වුණා… මේක ලංකාවටත් 2024 වගේ වෙද්දි සෙට් වුනේ.. Hidden තිබුණ සමහර AI models public release වෙන්න ගත්තට පස්සේ අපේ කට්ටියට ඕනෙ උනා early adaptorsලා වෙන්න… ඉතින් කට්ටිය පොඩි පොඩි Experiments කලා…බහුතරයක් අම්මටසිරි මේක මරුනේ සීන් එකට ආවා…
හරී දැන් පෙර කියවීම ඉවරයි අපි බහිමු කතාවට
අපි බලමු මුලින්ම ඇයි අපේ Marketing කට්ටිය මේ AI Videos වලට ආස කියලා…
1.Cost Cutting- මේක තමයි ප්රධානම හේතුව…Crisis එකෙන් පස්සෙ හුඟක් කට්ටිය බැලුවේ තියෙන අඩුම වියදමින් වැඩි දෙයක් කරගන්න පුලුවන් විදියේ ක්රම හොයාගන්න..එතකොට එයාලට හම්බවෙනවා මේ AI models… සාමාන්යෙන් Shoot එකක් කරලා වැඩේ කරන්න ලක්ශ 20ක් යනවා නම් ඒ Script එකටම AI Videos හදලා දාන්න අර ගානෙන් 10න් පංගුවක්වත් යන්නෙ නෑ…සෑහෙන්න සල්ලි ඉතුරුයි…
2.trend එක-ඔව් ලංකාව කියන්නේ සෑහෙන්න අදාලම නැති trends කරකවන තැනක්…හොඳම උදාහරණයක් තමයි gen-z target කරලා ගහන Campaigns. AI Videos generate කරලා මිනිස්සු ආතල් ගද්දි හුඟක් Companies වලට ඕනි උනා ඒ trend එක Follow කරන්න.
එතකොට දැන් මොනාද වෙලා තියෙන වෙනස්කම්…
දැන් මම මේකෙන් කියන්නෙ නෑ AI Videos වැරදියි කියලා…කොහෙත්ම නෑ..එත් ප්රශ්නේ තියෙන්නේ සාමාන්ය video එකක් හදද්දි Storyboard Artistගෙ ඉඳන් Sound Engineer වෙනකන්ම තමන්ගේ talents එක්ක යන ආතල් වැඩක් ඒක…ඒත් මෙතනදි හුඟක් දුරට ඉන්නෙ marketers ලා කීපදෙනෙක් සහ Editorsලා කීපදෙනෙක්…Process එකේ creative part එකෙනුත් බාගයක් විතර කරන්නෙ AI එකෙන්..
- Soul less - මේකට ටිකක් Controvertial දෙයක් ඇදලා ගමු…ලෝකෙම යන ICE vs EV වලිය ගත්තොත් ඒ පක්ශෙන් මේ පක්ශෙට ගහන ලොකුම තුරුම්පුව තමයි EV වල Soul එකක් නැති එක…හරි මම මෙහෙම කියන්නම්. ඔයාලට මතකයිනේ සරසවි ඇඩ් එකේ මාමගෙයි බෑණගෙයි කතාව …ඔය ලමයට අපේ දුවව හම්බ වුනේ කොහොමද අහන්නේ..නිකමට හිතලා බලන්න ඔය ඇඩ් එකම AI වලින් කලානම් ඔහොම Legendary line එකක් හැදෙයිද කියලා..(ඔව් මං දන්නවා AI තවම ලදරුවෙක් ඉස්සරහට හොඳ වෙයි) ඒත් හිතනවද ඒ Soul එක production Quality එක වැඩි වුනාට වෙයි කියලා.
2.Authenticity- AI Content බොහොමයක් එක වගේ…පට්ට unique දෙයක් කියලා ලොකුවට නෑ…JISEM Journal කියන විදියට AI Content වලට වඩා මිනිස්සු කැමති Qaulity එක අඩු උනත් මිනිස්සුම හදන Content බලන්න. ඔය Cocacola එකට backfire උනේ එහෙම දාපු නිසා තමයි..මොකද cocacola කියන්නේ ඉස්සර ඉඳන්ම මිනිස්සු එක්ක සෑහෙන්න Interact වෙන brand එකක්. එහෙම Company එකක් පිට පිටම ඒ වගේ ඒව දාද්දි…
3.Internet flooded from AI content - මම ලගඳි දැක්කා ගෑණු ලමයෙක් එයාගේ පිරිමි ලමයා දුන්න තෑග්ගක් ගැන AI වලට කියලා ලියවගත්ත හෑල්ලක් දාලා තියෙනවා…මරු සුපිරි. ඒත් ඒක එයා සාමාන්යෙන් එයා ලියන භාෂාවෙන්ම ලීවානම් ඊටවඩා ලස්සන වෙන්න තිබුනා…Instagram එකේ අපි බොරුව දානවා වගේම දැන් අනිත් platforms වලත් වැඩිපුරම මේ වගේ AI content දාල තියෙන එකෙන් මිනිස්සුන්ට ඒක සෑහෙන්න වදයක් වෙලා තියෙන්නේ (personal opinion එකක් නෙවෙයි)
එතකොට මේකට මොනාද කරන්න පුලුවන්
-
AI Videos ඔහේ නිකන්ම අතෑරලා දාන එකෙන් වෙන්නෙ ඔයාගෙ brand එකට තියෙන trust එක නැතිවෙන එක..මොකද දැන් ඕනිටත් වැඩිය AI content තියෙනවා. සහ AI videos කරන්නේ Cost Cutting කරන්න කියන එක මිනිස්සු දන්නවා..
-
technology එකට වඩා මිනිස්සු Impress වෙන්නෙ Effort එකට…සුපිරි Script එකක් ගහලා පට්ට ලස්සන Plan එකකට වැඩේ කරන්න පුලුවන්…අර ගයියාගේ කොන්සර්ට් එකේ ඇඩ් එකට ට්රෝල් කරලා පරිණාමය එකෙන් කරපු AI Video එක ආතල්…ඒ වගේම BMW instagram page එකෙත් ලස්සන වැඩ ටිකක් යනවා.මට පේන්න බැරි උනත් Rock Saami උනත් ඒ වගේ වැඩක් තමයි කලේ. මම ලස්සන උදාහරණයක් පහල Comment එකක Attach කරන්නම්.
-
පුලුවන් හැම වෙලේම Human touch එකක් දෙන්න. මොකද දැන් හැම කෙනෙක්ටම වගේ AI tools වලට Access තියෙනවා.ඔයා prompt එකක් chatgpt දාලා flow එකෙන් generate කරපු පලියට ඒක සුපිරි video එකක් වෙන්නේ නෑ… ලස්සන AI Video එකක් කරන්න ඕනෙ නෙවෙයි. අපි ලස්සන Video එකක් කරමු. ඒ Video එක හදද්දි අපි AI ත් පාවිච්චි කරමු..
-
AI කියන්නේ Tool එකක් විතරයි.Artist කියන්නේ වෙනම කෙනෙක්…ඔයාගෙ වැඩ වලට AI වලින් මරව මරව වැඩ ගන්න හැබැයි අර creative part එක ඔයා කරන්න…(මම Attach කරපු Video එක සාක්කි)
-
ඔයාට පුලුවන්නම් පුන්චි Phone එකකින් හරි ඔයාගේ මූණ පේන Video එකක් දාන්න ඔයාගෙ products showcase කරන විදියේ හරි නැත්තන් කැමති දෙයක්…ඒක හුඟක් වෙලාවට අර unnatural දේවල් වලට වඩා හොඳ positive income එකක් දෙන්න ඉඩ තියෙනවා.
අන්තිම වශයෙන් කියන්න්න ඕනේ…AI තව සෑහෙන්න evolve වෙනවා…තව කට්ටියගෙ Jobs Collapse වෙයි…ඒත් ඔය ART vs AI කියන bubble එක පුපුරන දවසකුත් එනවා.
AI වලින් ලස්සන වැඩ කරන්න පුලුවන්…හැබැයි ඒක පිටිපස්සෙ Creator ඉඳියොත් විතරයි..
ජය. #හඬපටහාරූපකසහිතයි
The Boundless Curse of Artificial Intelligence
Having spent considerable time experimenting with AI-assisted video production, I felt compelled to lay this out.
Since late 2022, the AI wave has matured into the omnipresent household doctor. We end up opening ChatGPT or Gemini more frequently than WhatsApp. Copywriters, video editors, and marketers have drastically streamlined their daily workflows…
In Sri Lanka, this wave hit hard around 2024. Once once-hidden AI models went public, everyone scrambled to become “early adopters.”
People ran mini-experiments… and the vast majority jumped headfirst into the holy crap, this is insane mindset.
Alright, pre-reading over. Let’s get straight to the real point.
Why Are Marketers Obsessed with AI Videos?
-
Cost Cutting: The single biggest driver. Post-economic crisis, companies hunted relentlessly for methods to extract maximum output for minimal spend. Then they discovered AI video generation models. If shooting a traditional commercial costs Rs. 2,000,000, generating an AI video off that exact script costs less than a tenth of that figure. The budget savings are astronomical.
-
Riding the Trend: Sri Lanka loves spinning completely unrelated trends. The prime example is Gen-Z targeted campaigns. When audience members started messing around with AI generations for fun, corporate brands felt FOMO and forced themselves to chase the trend.
So What Has Actually Shifted?
Don’t get me wrong—I’m not claiming AI video generation is inherently evil. Not at all. The real dilemma is that making a authentic film is a collaborative artistic journey involving everyone from the Storyboard Artist to the Sound Engineer pouring their raw talent into a single piece. In AI workflows, you usually have a couple of marketers, a couple of editors, and an algorithm performing half of the creative process automatically.
-
Soullessness: Let’s draw a controversial parallel: the global ICE vs EV war. The biggest argument thrown by gearheads against EVs is that EVs lack a “soul.” Think back to that legendary Sarasavi bookstore TV commercial with the uncle and the son-in-law (“How did you meet our daughter?”). Imagine if that exact ad had been generated via AI. Would it ever have birthed such a culturally legendary line? (Yes, I know AI is still an infant and will improve). But do you honestly believe sheer production quality can fabricate a human soul?
-
Authenticity: Most AI content looks homogenous. There is no striking uniqueness. As published in the JISEM Journal, audiences consistently prefer human-created content—even if it carries lower technical fidelity—over synthetic perfection. This is precisely why Coca-Cola faced severe public backlash over their AI holiday ads. Coca-Cola built its legacy on deep human connection, so when a brand like that repeatedly churns out cold synthetic ads…
-
The Internet Flooded with Synthetic Noise: I recently saw a girl post a heartfelt paragraph about a gift her boyfriend gave her—except she generated the entire text using AI. Sure, the grammar was flawless. But had she written it in her own raw, unpolished words, it would have been ten times more beautiful. Just like Instagram bred fake perfection, synthetic AI content is flooding every platform, turning into genuine digital fatigue for viewers.
What Can We Actually Do About It?
-
Mindlessly dumping raw AI videos erodes brand trust. Audiences aren’t blind—they recognize AI video campaigns immediately and know it’s a lazy cost-cutting tactic.
-
People are impressed by effort, not raw technology. Write a stellar script, craft an intentional visual plan. Look at the hilarious AI video Parinamaya made mocking the concert ad, or BMW’s tasteful Instagram experiments.
-
Inject a Human Touch at every opportunity. Access to AI tools is universal now. Inputting a quick prompt into ChatGPT doesn’t magically produce a masterpiece. Don’t aim to make a “cool AI video.” Aim to make a great video, and use AI as an efficiency tool along the way.
-
AI is merely a tool. The Artist is the creator. Work your AI models to death on heavy technical labor, but preserve the creative soul for yourself.
-
If possible, pick up a smartphone, film your actual face, showcase your real products, and speak directly. A simple human video generates far higher positive ROI than cold, unnatural synthetic renders.
In closing: AI will continue to evolve violently. Jobs will shift and collapse. But the day will come when the “Art vs. AI” bubble bursts.
AI can produce gorgeous visuals—but only when a real human creator stands firmly behind the wheel.
Cheers!
#AICurse #HumanTouch #CreativeMindset #SoulInArt