<< Return to Mind
|
2023: End of Year Rant

2023 ඉවරවෙද්දි ලියන හෑල්ල


මං හිතන්නෙ Horny sepian එකට අවුරුද්දකට වගේ පස්සෙ මං post එකක් දාන්නේ.
2021 ඉවරවෙද්දි දාපු හෑල්ලෙන් පස්සෙ 2022ට මොකුත් දැම්මෙ නෑ.
මේක දාන්නෙ 2023 ඉවරවෙද්දි.

2022 මම සෑහෙන්න ඇවිද්දා. ගෙදර ඉඳියෙම නැති තරම්. Bike එකේ ආසන්න වශයෙන් මම 30000KM වලට ආසන්න ප්‍රමාණයක් Ride කරල තිබුනා ඉතින් සෑහෙන්න මිනිස්සු හම්බුනා සෑහෙන්න තැන් හම්බුනා තනියෙන් Travel කරන එකේ චිල් එක විඳගත්තා.

ඊටපස්සෙ එමු 2023ට:

ඇත්තටම අවුරුද්දෙ මුල ගත්තොත් කලින් අවුරුද්දෙ වෙච්ච ලස්සන දේවල් එක්ක ආවේ මං. ඊටපස්සෙ ටික ටික අර ජීවිතෙන් අයින් වෙන්න උනා. (මං දැන් හිතනවා ඒක එහෙම උන එක හොඳයි කියලා). ටිකක් Solid n Simple life එකකට move උනා වගේ මං හිතනවා.

Life එක ගැන Relationships ගැන පොඩ්ඩක් Serious විදියට හිතන්න ගත්තා. අහ්හ්හ්හ් මේ අතරෙදි යම් සිදුවීම් මාලාවක් සිද්දවෙනවා… Life sucks anyway කියනවනේ.

ඉතින් මට Heal වෙන්ඩ තරම් කාලයක් උනේ නෑ. කොලඹට එන්ඩ චාන්ස් එක හම්බවෙනවා මගෙ මිතුරෙක්ගෙ උදව්ව නිසාවෙන්. ඉතින් මං හිතනව මේ අවුරුද්දෙ ගත්ත හොඳම තීරණේ කොලඹට Move උන එක කියලා. වෙන මොකවත් නෙවෙ සතියකට දවස් දෙක තුන කොලඹ බඩගාන්ඩ බෑ පෙට්‍රල් ගණන් දැන්.

එක එක ගොං ආතල් ට්‍රයි කරලා කරලා, අන්තිමට පොඩ්ඩක් Solid Time table එකකට සෙට් උනා. දවල්ට වැඩ කරලා රෑට Uber eats යන එක. උඹතුමන්ලට මතක ඇති දවසක් මං කිව්වා මට Boobs / Accelerator දෙකෙන්ම වෙන්නේ Stress Relief වෙන එක කියලා. ඉතින් මං රෑට Uber eats යන එකෙන් දවල්ට වැඩ කරල ඇතිවෙන Stress එක නැතිකරගන්නවා.

කෝපි කඩ හොයන මිෂන් එකකත් ඉඳියා. සෑහෙන්න ආතල් වැඩේ ඒකනම්. අහ් තව ගියාවුරුද්දෙ මුල ඉඳන් බලන් ඉඳපු Barbie/Oppenheimer Film දෙක මං කියපු විදියටම බැලුවා. පට්ට Film දෙක මොනාවුනත්. පාන්දර 4ට ෆිල්ම් හෝල් එකෙන් එලියට ආවේ 😂

මම හිතන්නෙ මම හුඟක් යාලුවො නැතිකරගත්තා මේ අවුරුද්දේ. නැතිකරගත්තා කියන්නේ මේමයි. මම උන්ව low maintenance ගොඩට දාගත්තා. අම්මෝ දැනෙන නිදහස. සෙට් උන වෙලාවට ඉතින් බොක්කෙන්ම තමයි අනික් වෙලාවට ගානක්වත් නෑ. කොටින්ම මම මගෙ Mentor එක්ක කතාකරන්නෙත් මාස එකහමාරකට විතර සැරයක්.

ඉතින් ඉතින් තව කතාකලොත් මම මං ගැන හිතාගෙන ඉඳපු දේවල් බොරු කියලා තේරුම් ගත්තා. මම හිතුවට වඩා පොඩ්ඩක් හැන්සම් (කැතයි කියල හිතං ඉඳියෙ හැබැයි කැත අඩුයිලු හිතනවට වඩා). පොඩ්ඩක් Classic Fashions ටිකක් Follow කෙරුවා. කොණ්ඩෙට පොඩි පොඩි විච්චූරණ ටිකක් කෙරුවා. ඊටපස්සෙ ලොකුම දේ තමයි මම හිතුවට වඩා ලොකු Capacity එකක් මට තියෙනවා. හිතුවට වඩා තරමක් දුරට දේවල් දරාගන්ඩ මට පුලුවන් කියල තේරුම්ගත්තා. (යෑස් කොල්ලා දැං ටිකක් Strong)

ඉස්සර තරම් ඇවිදින්ඩ බැරිඋනා කොටින්ම 5000KM වත් ගිහින් නෑ මං. ඒත් අවුලක් නෑ ඒ සාපේක්ෂව දේවල් ටිකක් ඇවිදින්නෙ නැතුව ගත්තා මං. මට දැං හිතෙනව මං දැන් Track එකට වැටිලා කියලා. ට්‍රැක පැන්නත් ඉතින් පැනපු ට්‍රැකේ හරි යනවා.

සෙට් එකටම ආදරෙයි!

#අම්මටසිරි #හඬපටහාරූපකසහිතයි #ලෝකිගේලෝකය

2023 End of Year Reflection

2022 was spent mostly on the road—clocked nearly 30,000 KM on the bike, met countless people, explored places, and enjoyed solo travel.

2023 started off built on that momentum. Then life forced a shift toward a simpler, solid lifestyle. I started thinking seriously about life and relationships.

Moving to Colombo was the best decision of the year. Commuting back and forth from Colombo 3 days a week was burning cash on petrol.

Developed a solid daily routine: work by day, run Uber Eats rides by night. The night rides became my ultimate stress relief valve.

Went on coffee shop exploration missions, watched Barbie and Oppenheimer back-to-back (walked out of the cinema at 4 AM).

Shifted most friendships into the “low-maintenance” bucket—massive relief and freedom. Discovered I had way more emotional and mental capacity than I originally thought.

Fewer kilometers on the odometer this year, but found my baseline track.

Love to everyone!

- Loki -

<< Return to Mind
Triumph Scrambler 400 X
Chanuka Walking
Chanuka Riding Scrambler