<< Return to Mind
|
Fake It Until You Make It

Fake It Until You Make It


2023 අවුරුද්දෙ දාන අන්තිම Horny Sepian හෑල්ල

මම ඉස්සර මං ගැන සෑහෙන්න Underestimate කරගෙන ඉඳපු ඩෑල්ලෙකක්.අහ් මේම හිතන්ඩකො. මම 9-10 වසරෙදි වගේ කඩේට ගියහම කඩේ මුදලාලි එලියට ඇවිත් පුතේ උඹට මොනාද ඕනෙ කියල අහනකම් කතාකරන්ඩ බය ඩැල්ලෙකක්. (ඒකෙ නෂ්ටාවසේස තාම තියෙනවා).

පස්සෙ මං කොහොමහරි දකින දේවල් හොයන දේවල් එක්ක එක Concept එකක් try කරන්න ගන්නවා. ඒක තමයි Fake it until you make it කියන එක.

ඇත්ත,මේක කරන්ඩ හෙනම අමාරු බව මං දන්නවා. ඒත් මගෙ Nature එකේ අවුලකට තිබ්බෙ මම Shy Extrovert කෙනෙක් මිසක් Introvert කෙනෙක් නෙවෙයි. මම හෙමින් සැරේ මම පොර ජාතකය පෙන්නන්න පටන් ගත්තා. එකියන්නෙ මුලින්ම අදුරන්නැති පැතිවල කඩවලට බොරු පොර මානසිකත්වයක් ආරූඪ කරන් බඩු ගන්ඩ පටං ගත්තා. පස්සෙ ඒක මට ටිකක් Comfortable උනා.

ඒකෙන් පස්සෙ. Bike එකක් ගත්තනෙ. මට මෙලෝත්තක් බෑ බං ආයෙ මොකටද බොරු. හැබැයි මං ගුලුගුලු එකෙක් ඉගෙනගත්ත දේවල් ටිකක් එක්ක වැඩේට බැස්සා. මංගල ගමනෙදිම ඉතිං ක්ලච් එක අතැරල එන්ජින් එක හිට්ටා. ඒත් දැං මම පොර මානසිකත්වයක් ආරූඪ කරන්නෙ ඉන්නෙ.මට මේක හෙන නිගාවක්. ගැම්මට ආයෙ දහ පහලොස් වතාවක් කරල වැඩේ ගොඩදාගත්තා.

ඊටපස්සෙ මිනිස්සු එක්ක කතාකරන එක. (මම හෙනම Nice Guy බං උඹල ඒක දන්නවා. එවගෙම මාව ලෙසියෙන් තේරුම්ගන්ඩත් පුලුවං උඹලට) මම ට්රයි කලා මට කරන්න බැරිවෙයි කියල හිතෙන තැන් දෙක තුනක්. පලවෙනි පාර Ego boost එකකුත් එක්ක Confidence හදාගන්න මම කලේ Overqualified තැනකට Interview ගියපු එක.වැඩේ හෙනම අමාරු වුණ. ආයෙ මොටද බොරු අම්මටසිරිවෙන්නම අවුල් උනා මට. මොනෞත්තක්ද මං ඒ කරගත්තේ. ගෙදර ආවා.ඔලුව පුපුරන්න වගේ. ඇවිත් Analyse කෙරුවා සිද්දිය. අවුල් තැන් ටික Fix කරගන්ඩ Time එකක් මටම දුන්නා.

ඊටපස්සෙ people Skills හදාගන්න මම කරපු වැඩේ තමයි Uber /pickme දුවපු එක එක එක උන්ගෙ පොයිය අහන් ඒවට යැයි යැයි කියන එක හෙනම ආතල් එකක් මචං. මම ඒ වැඩෙනුත් ටිකක් Skill develop කරගත්තා. Trust me ඒ වැඩේ කලින් සෙට් උනානම් කතාකරලා වැඩක් නැ බං.

මේමයි මේ හෑල්ල මීටවඩා දිගට කියවන්ඩ යන්නෙ නෑ මම මට කියන්ඩ ඕනිඋනේ. මොකක් හරි උත්තක් කරන්ඩෝනෙ නම් ඒක කරපං. කෙලවෙලා හික්කඩු ගියාට කමක් නෑ බං ඒකත් ඒ process එකේම කෑල්ලක්. අනික අපේ chad අයියලට කොහොම වෙතත් මටනං අර Fake it Until make එක හරිගියා.

අඩෝ එහෙනං අපි ගියා.ජයින් ජයම වේවා තව ටික දවසකින් සෙට් වෙමු ඈ.

Cheers!

#ලෝකිගේලෝකය #හඬපටහාරූපකසහිතයි #අම්මටසිරි

Used to severely underestimate myself. Back in Grade 9 or 10, I was scared to talk to the shopkeeper until he came out and asked what I wanted.

Then I tried a concept: Fake it until you make it.

Hard to do, but my nature was being a Shy Extrovert, not an Introvert. Started slowly projecting fake confidence in random shops where nobody knew me. Got comfortable over time.

When I bought the bike, I knew zero riding skills. First ride out, stalled the engine dropping the clutch. Embarrassing, but stuck to the fake confidence persona and mastered it after 15 tries.

To build people skills, I ran Uber/PickMe rides. Listening to strangers talk nonsense and nodding along is great practice.

Point is: If you want to do something, just do it. Getting wrecked is part of the process. Fake it until you make it actually worked for me.

Cheers!

- Loki -

<< Return to Mind
Triumph Scrambler 400 X
Chanuka Walking
Chanuka Riding Scrambler