<< Return to Craft
|
OneOS After 4 Days: Redmi K20 Pro Review
📷 OneOS MIUI 12.6 installed and running on Redmi K20 Pro / Mi 9T Pro.

One OS දවස් 4ක අත්දැකීම (Redmi K20 Pro / Mi 9T Pro)


හායි 😁 කොහොමද ඔයාලට ඉතින් මං පෙරේද ඔයාලට කිව්වානේ අද One OS ගැන ලියනවා කියලා හරි එහෙනම් මුලින්ම මේ rom එක ගැන සහ Custom රොම් ගැන කියන්නම් -CUSTOM ROM- Google එකෙන් දෙන (කේක් එක) Android OS එක අනික් සමාගම් විසින් එයාලට ඕනි විදියට අයිසින් දාලා ලස්සන කරලා වැඩ කෑලි දාලා එවනවානේ… සමහර වෙලාවට ෆෝන් එකට ඔය OS එක බර වැඩි වෙන්න පුළුවනි.එහෙම නැත්තන් අලුත් model වලට තියෙන Features ඔයාගේ ෆෝන් එකේ නැතුව ඇති..ඒත් නැත්තං Update එන්නේ නැතුව ඇති..ඔය මොකවත් නෙවෙයි නම් performance වැඩි කරගන්න හරි ආතල් එකක් ගන්න හරි වෙන්න පුළුවන් ඉතින් ඔය වගේ දේවල් දැකපු සමහර මිනිස්සු ඉදියා එයාලා ඕකට විසදුමක් විදියට Custom Rom කියල එකක් හැදුව ඇත්තටම ඒව හැදුව නෙවෙයි අර උඩ කියපු අයිසින් කේක් වල තියෙන අඩුපාඩු අවම කරලා තව අමතර පහසුකම් එකතු කරලා මොඩිෆයි කරපු එකක් තමයි Custom රොම් කියන්නේ Lineage OS(CyanogenMod),Corvus OS,AEX,Syberia OS,Evo X මෙකී නොකී ගොඩක් Custom Rom වර්ග තියෙනවා ඒ වගේම Xiaomi ලගේ user interface එක වෙච්ච MIUI එකත් අයිසින් දාලා සුපිරියට හදලා තියෙනවා එවයෙන් කිපයක් ගත්තොතින් MIUI Pro,Masik,Miui EU,MIUI ID,Abhi X Gaming OS ඔයලට Custom ROM එකක් ගහගන්න ආසාවක් තියෙනව නම් මුලින්ම ෆෝන් එකේ Bootloader එක Unlock කරගන්න ඕනි (Unlock කලොත් Warranty නැති වෙනවා හොදේ) මන් ඒ ගැන කලින් දාපු පොස්ට් එකක් ඇති පොඩ්ඩක් Profile එකේ පහලට ගිහින් බලන්න රොම් එක ගහන හැටි ගැනත් මන් වෙනම පොස්ට් එකකින් දාන්නම් ඔයාලට ඔනිනම් විතරක් ඉතින් අපි එමුකො ROM එක පැත්තට මේ රොම් එකේ නම One OS Develop කරන්නෙ Russian කෙනෙක් මාස ගානක ලොකු Hype එකකින් පස්සෙ කෝමහරි 2වෙනිදා මේක Release උනා ඉතින් ඕපදූප කතා කලා ඇති මන් අද මේක ලියන්නෙ One OS එක ගැන මගේ අදහස මම පාවිච්චි කරන Device එක Redmi K20 Pro AKA Mi 9T Pro One OS version 20.11.02 | The beginning -Features- Removed ADs-සමහර අයට වදයක් වෙලා තිබුන ඇඩ් කරදරේ අයින් කරල තියෙනවා (හරි අනික් එවයෙත් නැ තමා) Gallery,Lock Screen, Files,SMS,wheather,Clock,Camera, ඔය ඇප්ස් ටිකට අලුතෙන් Features ටිකක් දීල තියෙනවා මේකට අලුතෙන් එකතු උන Features විදියට ලොකු දෙවල් ගොඩක් නැති උනත් අනික් Devices වලින් port කරපුවා කිහිපයක් තියෙනවා Screen Combo-මේක ඔයාගෙ Mi Notebook එක Redmibook එක එක්ක කෙලින්ම ෆොන් එක සම්බන්ධ කරන්න පුලුවන් එකක් .හරියට Huawei Share වගෙ එකක් ෆෝන් එකේ Screen එක desktop එකට අරන් වැඩ කරන්න පුලුවන් AI preloading-මේක මේ AI සම්බන්ධ දෙයක් මම එ ගැන කියන්න දන්නෙ නැ Smart network - බැටරි ඉතුරුකරගන්න මාර පහසුවක් වෙයි මේක ඒ වගේම හොද connection එකක් ලබාගන්නත් එකී මෙකී නොකී ගොඩාක් දේවල් තියෙනවා මට ඔක්කොම මෙතන Type කරන්න බැහැ. ඇත්තම කියනව නම් මම මෙතන පොඩ්ඩයි කියල තියෙන්නෙ.. කරන්න දෙයක් නැ ගිහින් Changelog එක කියවන්ඩ. Customization මෙන්න සුපිරි ටොපික් එකක් ඉතින් මේකෙදි ඔයාට Customize කරගන්න පුලුවන් තැන් ටික පෝලිමට කියන් යන්නම් මන් (අහ් මේව MIUI එකෙ තියෙනවට වඩා සැරටම කොල්ටි කරන්න් පුලුවන්) උඩ ස්ටෙටස් බාර් එකේ අයිකන් වල සයිස් එක/තියෙන පිලිවෙල/හැඩේ AOD(හැමවෙලේම පත්තුවෙලා තියෙන තිරේ AKA always On display එකත් පොඩි පොඩි ආතල් ටිකක් දෙන්න පුලුවන්) Lock Screen එකෙත් අකුරු අරවා මේව පට කරන්න පොඩි කරන්න මිරිකන්න තලන්න් පුලුවන් අලුතෙන් ඇඩ් කරපු ශොර්ට්කට් වගේකුත් තිබුනා ඉතින් Control panel එකටත් පාට වෙනස් කරන්න වගේ දේවල් ටිකක් තියෙනව ඒත් අනේ මන්ද Theming උඩ එකටම සම්බන්ධයි සැම්සුන්ලගෙ One OS එක වගේ තීම් කරන්න ට්ර්යි කරල තියෙනව ..වැඩේ ටිකක් සාර්තකයි Stability Custom රොම් එකක් උනහම හැමොටම එන ලොකුම ප්රශ්නයක් තමයි මේ stability එක කියන්නෙ මට එකම එක පාරක් UI Crash එකක් සෙට් උනා එ ඇරෙන්න App Crash වීම් නම් සෙට් උනේ නැ වැඩ කරද්දි උනත් මාරම ස්මූත් ලැග් වෙන්නෙ නැ ෆ්රීස් වෙන්නෙ නැ PUBG CODM Ultra දාල ගහනවා අවුලක් නැ හුටා අම්තක උනා බැටරි ගැන කියන්න battery අහ් සිරාවට්ම කියන්න ඕනි මරු මට සෙට් උන සුපිරිම BB(batterybackup) තියෙන රොම් එකක් අහ් පැය පහක් හයක් වගේ බැටරි අදින්න පුලුවන් සාමාන්ය පාවිච්චියෙදි Others මෙයාලා මේ ROM එකට අම්බානෙක System tweaks පාවිච්චි කරලා තියෙනවා ඒ හින්දා ගොඩක් Smooth කොටින්ම කියනවා නම් Oxygen OS එක්ක ආපු Oneplus 5t එකට වඩා Smooth (දන්නව ගැලපෙන්නෙ නැ කියල ඒත් මන් අදහස් කලේ මේක ඒ තරම් Smooth කියල) තව One OS එකට අදාල වෙනම ආතල් ටිකකුත් තියෙනවා උදා:Sound Mods,Latest graphics Drivers ඇයි ඔයා මේකට මාරු වෙන්ඩ ඕනි OTA Updates- දැන්ට ඔයලාගෙ ෆෝන් වල්ට MB පන්සියෙ විතර අප්ඩෙට් අවට CUstom ROM වලදි එහෙම නැ FULL රොම් එකම ගහන්න් ඕනි ඒත් මෙයාල කියනවා මේ ROM එකට OTA Updates(Over the air)දෙනවයි කියලා එතකොට Dirty Flash Clean Flash කරදර නැ Hybrid Base සරලව කියන්නම් මේ රොම් එක හදන්න China developer Rom එක සහ EU Rom එක පාවිච්චි කරල තියෙනවා EU එක බේස් කරගෙන තියෙන්නෙ ඒක භාශා ගොඩකින් තියෙන හින්දා ඒ වගෙම china dev අරන් තියෙන්නේ ඒක EU එකටත් වඩා ඉක්මනට Update වෙන හින්දා(කොහොම උනත් ඔය භාශා කතන්දරේ අපිට වැඩක් නැ මොකද මෙහේ English විතරයි One OS Space මෙයාලා අපිට වෙනම appstore එකකුත් දීල තියෙනව. හැබැයි ඒක අනික්ව වගේ නෙවෙයි MOD apps තමයි මේකෙ තියෙන්නෙ youtube Vanced,Files,Music,වගේ මේ රොම් එකට අදාල Apps ඉවර කරන්නයි හදන්නෙ හෑල්ල ඇත්තටම කිව්වොත් උඩ දාල තියෙන්නෙ මේකෙ රිවිව් එකක් නෙවෙයි ගුන වර්නනාවක් වගේ එත් ඉතින් මට Masik එකට වඩා සමහර තැන් වලදි මේක සෙට් කියන්න තරම් BUG එකක් තවම සෙට් උනේ නැ අහ් තව එකක් මේ One OS එක තාම release උනේ Device කිපෙකට විතරෛ ඉතින් ඔයාට සිද්ද වෙනවා ටික දවසක් බලන් ඉන්න අහන්න ප්රශ්න තියෙනව නම් යටින් Comment කරන්න Rom එකක් ගහන්න වගේ දේකට උදවි ඕනි නම් මට Telegram එකට message එකක් දාන්න පුලුවන් විදියට උදවු කරන්නම් දිගටම මේ වගේ පොස්ට් ලියවෙයි මේව ගැන ඉස්සරහට දැනගන්න ඕනි නම් පේජ් එකට ලයික් එකක් දාලා Youtube Channel එකටත් සබ් පාරක් දාන්න යටින් Comment කරන්නම් මන් link ටික එහෙනම් කෙල්ලේ අපි ගියා හැමෝම පරිස්සමෙන් ඉන්ඩ 😊😊😊 #staysafe #Xiaomi #customrom #MIUI12 #mifans

Hey guys! 😁 How are you all doing?
As promised a couple of days ago, today I’m diving deep into my hands-on review of OneOS. But before we get into the details, let me talk about custom ROMs.

-CUSTOM ROM- Google provides stock Android (the base cake). Phone manufacturers then add their own icing, UI skins, and features on top…
Sometimes that factory skin gets way too heavy for your hardware. Other times, your device stops receiving updates, or lacks features present on newer flagships. If none of those apply, maybe you just want higher performance or want to experiment!

That’s where the Android enthusiast community stepped in and created Custom ROMs. They took existing Android/MIUI codebases, fixed performance bottlenecks, added extensive customization features, and modified the software.

LineageOS (CyanogenMod), Corvus OS, AEX, Syberia OS, Evo X, and many more exist. For Xiaomi’s MIUI interface, community devs have heavily polished custom variants like: MIUI Pro, Masik, MIUI EU, MIUI ID, Abhi X Gaming OS.

Note: If you want to flash a custom ROM, you must first unlock your device’s Bootloader (warning: unlocking voids your warranty!). Check out my previous profile posts for a bootloader unlocking guide.

Diving into OneOS! This ROM is called OneOS, developed by a developer out of Russia. After months of intense community hype, it officially released on November 2nd.

My Testing Device: Redmi K20 Pro (Mi 9T Pro)
One OS Version: 20.11.02 | The Beginning

Features:

  • Removed Ads: System ad servers are completely removed.
  • Enhanced Apps: Updated UI & features for Gallery, Lock Screen, Files, SMS, Weather, Clock, and Camera.
  • Screen Combo: Seamlessly mirror your phone screen directly on a Mi Notebook or RedmiBook desktop (similar to Huawei Share).
  • AI Preloading: Background app launching optimization.
  • Smart Network: Intelligent toggles to squeeze out maximum battery life while maintaining low-latency network connections.

Customization: Status bar icon sizes, positioning, AOD tweaks, lock screen typography, Samsung-style One UI control panel themes.

Performance & Stability: Zero app crashes, zero freezing, zero UI lag. PUBG Mobile and Call of Duty Mobile run smoothly on Ultra graphics settings!

Battery Life: Easily pulls 5 to 6 hours of heavy Screen-On Time (SOT) on normal daily usage.

System Tweaks & Extras: Massive under-the-hood system tweaks. It feels smoother than an old OnePlus 5T on OxygenOS! Includes sound mods, updated GPU drivers, native OTA updates, hybrid base (China Dev + EU), and OneOS Space appstore (YouTube Vanced, modded apps).

Got questions? Drop a comment below! If you need help flashing ROMs, send me a message on Telegram.

Stay safe everyone! 😊😊😊

#Xiaomi #CustomROM #MIUI12 #RedmiK20Pro #TechCraft

<< Return to Craft
Triumph Scrambler 400 X
Chanuka Walking
Chanuka Riding Scrambler