<< Return to Mind
|
The Miracle Oil

පපුවෙ අමාරු හොඳ කරනු ලැබේ


මට අවුරුදු 13ක් විතර වෙනකන් හතිය තිබුනා. පින්නක් ගියත් මෑන් ඩවුන් වෙන සිද්දියක් තිබ්බේ. කෝමහරි මං සිස්සත්තෙ ලියන කාලේ වගේ මේ සිද්දිය උනේ.

තෙල් ගාලා ලෙඩ හොඳ කරන බුවෙක් ඉන්නවා කියල මීගමුව දිහාවෙ ඉන්නව කියල ඒදවස්වල බුරුතුපිටින් බස් අරන් ගියා තෙල් ගාගන්න.
අම්මත් ඉතින් ඔය සීන් එකේ සැරටම ඉන්නවනේ. මාවත් කුදලන් ගියා ඕකට. මගදි කන්න නවත්තපු වෙලේ චිකන් කෑම එකක් ඉල්ලුව කියල නඩේ ගුරාගෙන් බැනුම් අහගන්ඩත් උනා.

දැන් උදේ 10 විතර පෝලිමේ ඉන්නවා. කලින් දවසෙ රෑ ඉදන් පෝලිම හැදෙන්නේ ඒ තරම් සෙනග. අම්මනම් ආපු ගමන්ම කිව්වා මෙතනනං හාස්කමක් තියෙනවා “I can feel it” කියලා.

මාත් ඉතින් අර mp3 player එක කනේ ගහගෙන එහාට මෙහාට යනවා. එක ගෑණු කෙනෙක් ඉන්නව එයාගෙ පුතාගෙ කන ඇහෙන්නෙ නෑලු කලින් දවසක් ඇවිත් තෙල් ගෑවම ටිකක් ඇහෙන්න ගත්තලු. අද ආවෙ ඉතුරුටික සනීප කරන් යන්නලු. ආයෙ තව ඉස්සරහට යද්දි ඉන්නව කකුල කැඩිච්චි එකෙක් ඇටේ පැනලලු තිබ්බෙ හැප්පුණ වෙලේ තෙල ගාපු ගමන් ඇටේ අස්සට බැහැලා. කැන්සර් හැදිල අතක් කපන්න වෙච්ච එකෙක්ට තෙල ගාලා සනීපකරල තිබ්බා. අපෙ නඩෙත් ඉදියා කොණ්ඩෙ ඉදෙනවට, දියවැඩියාවට එහෙම බෙහෙත් ගන්න ආපු බුවාලා.

කොහොමහරි අර ඩයල් එක බෙහෙත් කරන්නේ ලෙඩේ තියෙන තැන තෙල්ගාලා. අපි උගෙ ගාවට යන්නෝන ඇදුම ගලෝගෙන. ලෙඩේ මොකක්ද කිව්වම අරු ඇස් දෙක වහල ටිකක් ඉදල තෙල් ගානවා. ලෙඩ දෙකක් එකපාර කියන්න බෑ පොරගෙ සමීකරණෙ අවුල් යනවලු. කොහොමහරි මගෙත් ගෑවා හෙන තෙල් තට්ටුවක් මොන ජරාවක්ද දන්නැ.

ආපහු එද්දි බස් එකම ගන්දස්සාරෙ බෑ අර කුණු තෙලෙන්. හැබැයි මොනදේ උනත් එද්දිනම් මට චිකන් කන්න එපා කිව්වෙ නෑ කව්රුත්.
ගෙදර ඇවිත් දවස් දෙකතුනකට පස්සෙ අර තෙල් ගාගත්ත අය කීපදෙනෙක්ට ආයෙ ක්ලිනික් යන්න උනා කියලනම් ආරංචි උනා.

හරි දැන් ඒ කතාව මම කිව්වේ නිකන් මතක්වෙලා. මම ආවෙ ඊයේ රෑ හීනෙන් අපේ මැරිච්චි මුත්තා පෙනිලා:

“පුතේ මෙන්න මෙතන හංගපු තෙලක් තියෙනවා උඹට ඒක යොදාගන්ට පුලුවන් පපුවෙකැවුත්තෙ එන ඕනෙ අමාරුවක් සුවකරන්ට. දෙපාරක් පපුවෙ ආලේප කලායින් පස්සේ ලෙඩේ නිට්ටාවටම සුවයි. හැබැයි මේක වරු 50ක් යනකන් ගැටිස්සියන්ට විතරයි වැඩ කරන්නෙ. එතනින් එහාට ඕනි පරාණෙකට වැඩ මයෙපුතේ” කියලා කිව්වා.

මම ඉතින් කැමතියි මට හම්බවෙච්ච මේ අවස්ථාවෙන් මගෙ යාලුවන්ව සනීප කරන්න. ඔයාලගෙ පපුවෙ අමාරු එහෙම තියෙනවනම් කියන්න මං සනීප කරල දෙන්නම්.

අහ් අනික මුත්තා කිව්වා සල්ලි ඉස්සරකරන් මේවා කලොත් උඹේ ඔය පොඩියට තියෙන එක කපලා දානව කියලත් ඒ නිසා සල්ලි එපා. පඬුරු විදියට බියර් කෑන් එකක් ගෙනත් දුන්නනම් ඇති!

#හිකලු #මොනවදමුත්තේමොකදකරන්නේ #චානුකගෙතෙල #පපුකැවුත්තෙඅමාරුව #නිට්ටාවටමසුවකරනවා #තෙලේබලේ

I had wheezing until I was about 13. A bit of dew and I was man down. This happened around the time I was sitting for the 5th Grade Scholarship exam.

There was a rumor about a guy in Negombo who cured diseases by rubbing oil. Busloads of people were going there. My mom was deep into that stuff. She dragged me along. I even got scolded by the tour leader for asking for a chicken meal on the way.

By 10 AM, we were in a massive queue. People had been queuing since the night before. Mom instantly went, “There’s a miracle here, I can feel it.”

I was walking around with an MP3 player in my ears. One woman claimed her son was deaf, but after applying oil once, his hearing started returning. Another guy had a broken bone that miraculously popped back into place after oil was applied.

The healer worked by having you strip down, closing his eyes, and smearing oil on the affected spot. You couldn’t mention two illnesses at once or it messed up his internal equation. He smeared a thick layer on me—god knows what nasty mixture it was.

On the way back, the whole bus stank of rotten oil. But at least nobody stopped me from eating chicken this time. A few days later, we heard several people who got the oil treatment had to be hospitalized.

Anyway, I remembered that story because last night my deceased grandfather appeared in my dream:

“Son, there is a hidden oil here. You can use it to cure any chest ache. Apply it twice and the disease is permanently cured. But for 50 days, it only works on young women. After that, it works on any living soul, my son.”

So I want to use this opportunity to heal my friends. If you have any chest pain, let me know!

And grandpa warned: if I do this for money, he’ll chop off my little thing. So no money. Just bring a can of beer as an offering!

<< Return to Mind
Triumph Scrambler 400 X
Chanuka Walking
Chanuka Riding Scrambler