Comfort Zone එක, Speed limits සහ Mental Energy
Comfort Zone එක ඇතුළේ ජීවත් වෙන එක හරිම නරක දෙයක් කියලා හැමෝම කියනවා, සහ ඒක ඇත්ත ඉතින්. හැබැයි මෙහෙම සිද්ධියකුත් තියෙනවා (ඒක මට විතරයිද කොහෙද තියෙන්නේ)…
මම සාමාන්‍යයෙන් 40 - 50 km/h වගේ range එකේ තමයි Bike එකේ යන්නේ (හොඳටම ෂුවර් තැන්වල විතරක් උපරිම 80 ගිහින් තියෙනවා කලාතුරකින්). ඔයාලගේ ඔය range එක 60 - 70 වෙන්නත් පුළුවන්, සාපේක්ෂයි. හැබැයි මට එතනින් එහාට යද්දි පොඩ්ඩක් වාහනේ ගැනත්, වටේ දේවල් ගැනත් විශේෂ සැලකිල්ලකින් තමයි යන්න වෙන්නේ.
දැන් හිතන්නකෝ ඔයා / මම අර කියපු Comfort Zone එකෙන් පිට යනවා. මට එතකොට වෙනම Energy එකක් වැය කරන්න වෙනවා වටේ වාහන ගැන, මගේ වාහනේ වගේම අණපේක්ෂිත සිද්ධි ගැනත් (එළදෙන්නු වගේ).
එතකොට ගමන ගිහින් ඉවර වෙද්දි වෙනදාට වඩා මහන්සියක්, තෙහෙට්ටුවක් දැනෙනවා. ඒත් හැබැයි අපි අපේ Comfortable Speed Range එක ඇතුළේ යනවා නම් අපිට ගමන යද්දි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ නෑ. (පොඩ්ඩක් හොයලා බලන්න, highway වල යද්දි අපිට බාගෙට නින්ද ගියත් අපේ අනුදැනුමක් නැතුවම මොළේ විසින් ඉස්සරහට එන වාහන ඉබේම මග ඇරලා යන්න දන්නවා කියලා. ඒ කියන්නේ අනිච්ඡානුග ක්‍රියා යටතට ඕවා වැටෙන්නේ). මේක අපේ මොළේට හොඳට පුරුදු, නැවත නැවත සිද්ධවෙන දෙයක් නිසා Comfort Zone එකේදිත් ඒ දේවල් එහෙමම වැඩ කරනවා ඇති.
මගේ අත්දැකීම් අනුව නම්, ඔයා දවසේ සැලකිය යුතු ප්‍රමාණයක වැඩ ටිකක්, ඒ කියන්නේ ඔයාගේ Energy එක වැය කරන්න ඉන්නවා නම්, පුළුවන් තරම් වෙන කෙනෙක් එක්ක හරි, පොදු ප්‍රවාහන ක්‍රමේකින් හරි ගියොත් සෑහෙන්න energy එකක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි.
මොකද වාහනෙකින් ගමනක් යද්දි තුන්හතරදෙනෙක්ගේ අම්මා මතක් නොකර ගමනාන්තයට යනවා කියන්නේ සෑහෙන්න අමාරු දෙයක්!
මේක මට නිකන් හිතිලා දාපු එකක්. ඒ නිසා ඔස්තාර්ලාගේ අදහස් අවශ්‍යයි දැනුම වැඩි කරගන්න!
#නිකමටහිතලු #අම්මටසිරි #එහෙමඋනේකොහොමද #ඇයි #එහෙමවෙන්ඩබැරිද #පුලුවන්යකෝ #එහෙනම්ඇයිමේකමෙතනලිව්වේ #දැක්කරන්ට්කපන්නේනෑඒනිසාමටසතුටුයි #ආදරනීයවස්සානේ
Everyone preaches that living inside your comfort zone is terrible, and honestly, they’re not wrong. But there’s a catch to it (maybe it’s just a me thing, who knows)…
When I ride my bike, I usually cruise in the 40–50 km/h sweet spot (on rare, wide-open roads I’ve touched 80 max). Your personal comfort zone might be 60–70 km/h—it’s all relative. But the second I cross that threshold, I have to deploy extra mental CPU power to monitor the bike, surrounding traffic, and unpredictable wild hazards (like random stray cows wandering onto the tarmac).
Stepping outside that speed comfort zone forces your brain to burn extra focus and energy. By the time you reach your destination, you feel significantly more drained than usual. But when cruising inside your comfortable speed bubble, riding feels effortless. (Fun fact: look into how on long highway stretches, even when you’re half-groggy, your brain automatically steers around incoming vehicles on subconscious autopilot—involuntary reflexes at work). Because it’s a deeply ingrained routine, your brain handles it on autopilot inside your comfort zone.
From my experience: if you have a demanding day ahead where you need to save every drop of mental focus, taking public transit or carpooling with someone else will save you a massive chunk of mental energy.
Because let’s be real—navigating urban traffic without cursing out three or four drivers’ mothers before reaching your destination is practically impossible!
Just a random thought I had while riding. Masterminds, feel free to drop your wisdom!
#randomthoughts #subconsciousriding #biketales #comfortzones #trafficmadness #noelectricitycuts