<< Return to Mind
|
Late Night Thoughts #103
📷 Late night streetlamp glow with V, reflecting on the 5-year journey.

රෑට හිතෙන දේවල් 103


මං කොළඹට එද්දි මං හෙන පොඩි කොල්ලෙක්. මෙලෝ හත්තිලව්වක් නොදැන මොනවාහරි ගේමක් ගහනවා කියලා හිතාගෙන ගෙදරින් ඇවිත් අවුරුදු හතරක් පහක් වෙනවා. ඩිග්‍රී එකක් කරන්න පටන් ගත්තා, ඒ මගුල හරියන්නෙත් නෑ. කොච්චර කොහොම සල්ලි ගෙව්වත් උන්ට මදි, උන් මාව හූරගෙන කන එක!

මං එහෙම ලොකුවට දේවල් පස්සේ පන්නන මනුස්සයෙක් නෙවෙයි… ඒත් ජීවිතේ කැරකෙන්නේ හරිම හෙමින්… ඉස්සරහට යනවා කියලා දැනෙන්නෙම නැති තරම්.

මට ජීවිතේ සතුටකට කියලා තියෙන්නේ සතියේ දවස්වල මොනවාහරි Experimental දෙයක් කරලා, සතිඅන්තයේ කොහේහරි කැලෑවක රිංගන එක විතරයි… ඒකත් ගෙදරට වෙලා හිටියොත් මට පිස්සු හැදෙනවා 😪.

මගේ ජීවිතේම ගතවෙන්නේ මේ විදියට. මගේ අකමැත්තක් නෑ ඒ ගැන.

When I first moved to Colombo, I was just a young kid. Knowing absolutely nothing about the world, I left home 4 or 5 years ago with one simple determination: to figure out a way to win. I enrolled in a degree program, but that whole ordeal turned out to be a complete mess. No matter how much money I poured into their pockets, it was never enough—they just kept squeezing me dry.

I’m not someone who aggressively chases after flashy grand ambitions… but life seems to rotate so damn slowly. At times, it barely feels like I’m moving forward at all.

The only real joy I have in life comes down to building some experimental technical prototype during weekdays, and vanishing deep into some wilderness on weekends… Honestly, if I stayed cooped up inside the house, I’d go completely insane 😪.

This is how my life unfolds. And I have zero complaints about it.

<< Return to Mind
Triumph Scrambler 400 X
Chanuka Walking
Chanuka Riding Scrambler