<< Return to Mind
|
Late Night Tea

පාන්දර තේ එක සහ පරණ කතා


මගෙ හෙන කැත පුරුද්දක් තියෙනවා: කොච්චර හොඳට කාලා බීලා ඉඳියත්, කව්රුහරි එක්ක කෝල් එකක ඉන්නවානම් පාන්දර කීය උනත් ගිහින් තේ එකක් හදාගෙන කුස්සියෙ මේසෙ උඩට වෙලා ඒක බොන එක.

මගෙ ඒ තේ කොප්පෙත් එක්ක ගෙතිච්ච සෑහෙන කතන්දර තියෙනවා.

කාලෙකට කලින් මාත් එක්ක එකට සිංදු අහපු අය. මාත් එක්ක ආගිය දේවල් කතාකරන අය. මං බලකරපු නිසා CAS අහන්න පටන්ගත්ත කෙට්ටු ගෑණුලමයා, Arch enemy අහලා මාත් එක්ක කතාකරන්න පටන්ගත්ත ගෑණුලමයා.

රෑ එලිවෙනකං හීන ලෝකයක් මවන් කතාකරල දැන් කතා කරන්නෙ නැති එයා.

එදා තේ බොද්දි මවපු කතාවලදි කවදාවත් හම්බෙයි කියලා දැනන් ඉඳියෙ නැති එයා. වගේම මගෙ හැංගිලා ගිය සමහර හීනත් මේ අස්සෙ තිබුණා.

දැන් ගෙදරින් ඇවිත් ගෙවිච්චි අවුරුදු 4ට මම ආපහු පරණ විදියට තේ එකක් හදාගෙන බොන්න වුණේ උපරිම දවස් කීපයයි. ඒකත් මාස ගානකට සැරයක් ගෙදර ගියාම විතරයි.

ඒත් මට ඒ තේ එකෙන් හම්බවෙන රස සෑහෙන්න වෙනස් කියලා දැනෙන්න පටන් අරගෙන.

තේ එකකට කරන්න පුලුවන් හරියක්!

#හඬපටහාරූපකසහිතයි #ලෝකිගේලෝකය #hornysepian

I have a terrible habit: no matter how well I’ve eaten or drunk, if I’m on a phone call late at night, I’ll go make a cup of tea and sit on the kitchen table to drink it.

There are so many stories woven around that teacup.

People who listened to songs with me long ago. People who talked about random things. The skinny girl who started listening to CAS because I forced her to. The girl who started talking to me after listening to Arch Enemy.

The girl who stayed up talking till sunrise building dream worlds, who doesn’t talk to me anymore.

The one I never knew I’d meet when we were inventing stories over tea back then. And some of my buried dreams were mixed in there too.

In the 4 years since leaving home, I’ve only managed to sit and make a cup of tea like that on a few days—mostly when visiting home every few months.

But the taste I get from that tea has started to feel completely different.

The things a simple cup of tea can do.

<< Return to Mind
Triumph Scrambler 400 X
Chanuka Walking
Chanuka Riding Scrambler