2019 Memories: Dr. Bootloop සහ Custom ROM
පොඩි Memory Recall හෑල්ලක්.
2019 ඉඳන් මේ වෙද්දි අවුරුදු පහක් ගිහිල්ලා. විසිගණන් තියෙන්නෙ අලුත් අලුත් දේවල් ට්‍රයි කරන්න කියලා කියනවනේ. කෙලවෙන්න නැත්තං හරියන්න හරි මොන පොල් සම්බෝලෙකටහරි.
මට අද ඇත්තටම හිතුන මගෙ පරණ Memories ටිකක් ගොඩ ඇදලා මං ගැනම ටිකක් කියවන්න. කියවලා දැං ඉන්න මනුස්සයත් එක්ක Compare කරන්න.
ඒ දවස්වල ඉඳපු මම මීට සෑහෙන්න වෙනස් කියල මට හිතෙනවා. නැගිටින්නෙම උදේ 9ට විතර. නැගිටලා උදේ පාන්දරම Telegram Channel ටික පීරනවා (නෑ වැල හොයන්න නෙවෙයි අලුතෙන්ම ආපු Rom එකක හරි kernel එකක හරි Update බලන්න). දවල් වෙන්න තියෙන වැඩ ටිකක් කරලා දාලා, රෑ වෙද්දි Phone එක අතට අරන් Custom Rom ගහන වැඩේ පටන් ගන්නවා. පාන්දර තුන හතර විතර වෙනකන්ම ඔය වැඩේ තමයි.
Xiaomi Fans Group එකේ මුල් කාලෙ මම කියන්නේ: අපි තරඟෙට Custom Rom ගහලා Reviews දානවා ප්‍රශ්න අහනවා (අඩෝ මගෙ ඒ කාලෙ තිබ්බ ලොකුම සතුට තමයි වටින කියන Content දාලා Most Valuable Member වෙන එක).
කෙල්ලො කියන්නෙ මගෙ ඔලුවෙ තිබ්බ දෙයක් නෙවෙයි. ඒ වෙනුවට අලුතෙන් ආපු Phone එකක් දූෂණය කරන්නෙ කොහොමද කියන එක තමයි හැමවෙලේම මගෙ ඔලුවෙ තිබුනෙ.
අපේ Xiaomi Phone එකක් ගන්න හැම කොල්ලටම වගේ මං Custom rom එකක් ගහල දෙන්ඩ පුරුදු වෙලා උන්නා. මගෙ ජාදුත් (ජංගමයට මං කියන්නෙ ජාදු කියල ඒත් එයාගෙ ඇත්ත නම Santoni) විනාසම වෙලා ඉඳියෙ ඉතින්. සමහර වෙලාවට Call එකක් ගන්නවත් බෑ. ඒ තරම් විනාස වෙලා තිබ්බෙ ඒක. සමහර කතා තියෙනවා ඒ ගැන කියනවනම් ඒවට මෙතන ඉඩ මදි.
පාන්දර දෙකට තුනට විතරත් Bootloop වෙච්ච Phone නිසා මට කෝල් එනවා. 😅 හැබැයි ඒව හරිගස්සල දුන්නට පස්සෙ මට දැනෙන මානසික නිදහස, සතුට කියල වැඩක් නෑ.
අන්තිමට මට නමතුක් හැදුනා Dr.Bootloop කියලා.
මං දන්නැ මාව මතක උන් තවම List එකේ ඉන්නවද කියලනම්.
මම හිතන්නෙ මේ අවුරුදු විසිගානට මගෙ හොඳම අවුරුද්ද තමයි 2019 කියන්නේ. මම දැනගත්තා මට දෙයක් ඕනි උනොත් ඒක කරලම තමා නතර වෙන්නෙ කියල. සමහර පොඩි tweaks දාන්න ගිහින් මාස ගණන් Phone එක On උනේ නැති අවස්ථාවනුත් නොසෑහෙන්න තිබුනා.
කෙල්ලෙක් එහෙම සෙට්උනාට පස්සෙ මං වෙන වෙන දේවල් ඉගෙනගන්න ගත්තා. Video Editing, Graphics, Android Development එහෙම ට්‍රයි කලා ඉගෙනගන්න.
අවුරුදු පහකට පස්සෙ මං සෑහෙන්න වෙනස් මනුස්සයෙක් වෙලා.
ඒ කාලෙ අහපු සිංදු, මම දේවල් බාරගත්ත විදිය, මගෙ වටේ ඉඳපු අය, මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිය. කොටින්ම මට තිබුන බලාපොරොත්තු, මේ හැමදේමත් වෙනස්වෙලා.
තව අවුරුදු පහකින් මම ඉන්න තැන කියන්න කව්රුත් දන්නෙ නෑ (අඩි හයක් යට වෙන්නත් පුලුවං). ඒත් මං එක දෙයක් ට්‍රයි කරනවා: මගෙත් එක්ක ගැටෙන මිනිස්සු අතරින් කීපදෙනෙක්ට හරි මම ගැන හොඳ මතකයක් ඉතුරු කරන්න. මටම මතක එකතුකරගන්න. මම ඒක කරගෙන යනවා. අලුත් මිනිස්සු හම්බවෙනවා, උන් මාත් එක්ක ඉඳී, ඊටපස්සෙ යයි. ඒ අතරමැද එකතුවෙලා Memories හදන්නයි මට ඕනෙ.
#CustomROMs #XiaomiCommunity #DrBootloop #Nostalgia
Time for a small memory recall rant.
Five whole years have passed since 2019. People say your twenties are meant for experimenting with new things—whether you succeed or mess it up completely.
Today, I felt like pulling out some of my oldest memories, reflecting on who I used to be, and comparing that guy to who I am right now.
The me back then was drastically different. I used to wake up at 9 AM, and the first thing I’d do was scour Telegram channels—not for NSFW stuff, but hunting down the latest Custom ROM or kernel updates. I’d finish my daytime chores, grab my phone at night, and start flashing Custom ROMs until 3 or 4 AM every single night.
During the early days of the Xiaomi Fans Group, we used to compete to flash custom ROMs, post in-depth reviews, and answer questions. My biggest pride back then was posting valuable content to become a Most Valuable Member.
Girls weren’t even anywhere on my radar. Instead, my brain was constantly obsessed with how to tweak, mod, and push new phones to their absolute limits.
Almost every guy I knew who bought a Xiaomi phone ended up coming to me for a custom ROM. My own primary phone—I called her Jadu, though her real device name was Santoni—was completely tortured. Sometimes I couldn’t even make a phone call because the OS was so heavily modified.
I’d get phone calls at 2 or 3 AM from friends panicked over bootlooped phones 😅. But fixing them and getting a dead device back to life gave me an indescribable high.
Eventually, the community gave me a nickname: Dr. Bootloop.
I don’t even know if anyone from that old squad is still around in my contact list today.
Honestly, 2019 was the best year of my twenties. It taught me that when I set my mind on something, I won’t stop until I crack it. There were countless times where a simple build tweak left my phone unbootable for months.
After a girl entered the frame later on, I shifted my focus toward learning new technical skills—Video Editing, Motion Graphics, and Android Development.
Five years later, I’m a completely transformed person.
The music I listen to, how I process life, the circle around me, how I treat people—even my core expectations—everything has evolved.
Where I’ll be in another five years is anyone’s guess (I could be six feet under). But I’m trying one thing: to leave behind good memories with the people whose lives I cross, and to collect memories for myself. New people will come, hang out, and move on. My goal is simply to build meaningful memories in between.
#CustomROMs #XiaomiCommunity #DrBootloop #Nostalgia