<< Return to Mind
|
The PickMe Incident

PickMe නංගී - DO NOT ANSWER


ඊයේ දෝණි මගෙන් අහනවා: “කවුද ඔයාගේ phone එකේ ‘PickMe Nangi - DO NOT ANSWER’ කියලා save කරගෙන ඉන්න කෙල්ල?”

කතාව මෙන්න මෙහෙමයි:

පසුගිය සිකුරාදා මම හදිස්සියක හිටියේ. PickMe bike එකක් බුක් කළා. බයික් එකක් ආවා, රයිඩර් දාලා හිටියේ හෙල්මට් එක. මම “යමුද?” කියලා ඇහුවා, රයිඩර් ඔලුව වැනුවා, මම නැග්ගා. ට්‍රැෆික් අස්සෙන් අපි යනවා… එකපාරටම බස් එකක් කපලා දැම්මා. මම හිතුවා රයිඩර් ශේප් එකේ කපලා යයි කියලා. නෑ යකෝ! රයිඩර් බයික් එක නවත්තලා, හෙල්මට් එක ගලවලා බස් ඩ්‍රයිවර්ට බනින්න පටන් ගත්තා.

අඩෝ ඒ වෙලාවේ තමයි මට සිරාවටම තේරුණේ: මේ ඉන්නේ කෙල්ලෙක්! මේ මගේ PickMe එක නෙවෙයි! මම නිකන් පාරේ ගිය වෙන කෙල්ලෙක්ගේ බයික් එකකට නැගලා!

බස් ඩ්‍රයිවර් කෑගහනවා. දෝණි ෆෝන් ලයින් එකේ. කෙල්ල බස් එකට බනිනවා. මම මැද තනිවෙලා. මම කෙල්ලට කියනවා: “සොරි නංගි, මම හිතුවේ මේ PickMe එක කියලා.” එතකොට ලයින් එකේ ඉන්න දෝණි අහනවා: “හෙලෝ? මොකක්ද ඒ සද්දේ?”

බස් එක ගියාට පස්සේ අපි පාර අයිනේ. මම සීන් එක විස්තර කළා. කෙල්ල මුලින් මල පැන්නත් පස්සේ හිනාවෙන්න පටන් ගත්තා. බලද්දී ඒකි හිතලා තියෙන්නේ නැග්ගේ ඒකිගේ යාලුවෙක් කියලා. පරක්කු කරපු එකටයි මගේ මෝඩකමටයි සමා වෙන්නත් එක්ක මට ඒකිගේ නම්බර් එක ඉල්ලගන්න වුණා.

ඊටපස්සේ මගේ ඇත්ත PickMe රයිඩර් කෝල් කරනවා. ඌට කියන්න වුණා: “සොරි මචං, මම වැරදි බයික් එකකට නැග්ගා…”

#හඬපටහාරූපකසහිතයි #ලෝකිගේලෝකය

My girlfriend (let’s call her ‘Doni’) asked me yesterday, ‘Who is saved as PickMe Nangi - DO NOT ANSWER on your phone?’ Here’s the backstory.

Last Friday, I was rushing. Booked a PickMe bike. A bike pulled up, rider had the expected helmet color. I asked ‘Shall we go?’, rider nodded, I got on. We’re cutting through traffic… Suddenly a bus cuts us off. I thought the rider would just smoothly dodge it. Nope! The rider stops the bike, takes off the helmet to yell at the bus driver.

Holy shit, the realization hit me in that exact second: This is a girl. This is not my PickMe. I just hijacked some random girl’s bike.

The bus driver is yelling. Doni is on the phone line. The girl is yelling at the bus. I’m stuck in the middle. I tell the girl, ‘Sorry, I thought this was a PickMe.’ Meanwhile, Doni is on the phone asking, ‘Hello? What’s that noise?’

The bus eventually leaves. The girl and I are on the side of the road. I explained the whole situation. She was pissed at first, but then got it and started laughing. Turns out she thought I was her friend getting on. To apologize for making her late and for my stupidity, I had to get her number.

Then my actual PickMe rider calls. I had to tell him, ‘Sorry machan, I got on the wrong bike.’

<< Return to Mind
Triumph Scrambler 400 X
Chanuka Walking
Chanuka Riding Scrambler