මාරි ඇන්ටොනොයිට් සහ චීස්කේක්
සිත කල කිරි වීදුරුවකින් තොල තෙමාගත් ඈ මදෙස බලනවිට මාගෙ මතකය දිවයන්නේ දහසයවන ලුවී රජතුමාගේ බිසව, මාරි ඇන්ටනොයිට් සාගින්නේ පෙලෙමින් පාන් ඉල්ලා මැසිවිලි නගන රටවැස්සන් දෙස බලා “පාන් නැත්තං කේක් කාපල්ලා” ලෙසින් කල ගෝරනාඩුවයි.
මීට අවුරුදු 5කට පෙර මාද ඒ අඩි පහක් පමණ උස උරිස්ස අසලට පමණක් ඇති බොකුටු කොණ්ඩයක් හිමි ඇයගෙන් පාන් ඉල්ලා කල මැසිවිලි ඇයට තවමත් මතක ඇත්දැයි මගේ සිත කෙලවරක සැකයක් මතුවේ.
ජීවිතේට වාසනා එකෙන් කන ඇපල් කේක් හැර කේක් නොකෑ මට හමුවන හැමදිනකම චීස් කේක් කවන්නට පුරුදු වූ ඇය, මාව ඇයගේ අණසකට නතුකරගෙන වසර හතරකි.
…….
බීම බටය දෙතොල් අතරින් ඈත් කල ඇය:
“සර් කෑෂ් නැත්තං කියන්න අපි cards ගන්නවා”
#හඬපටහාරූපකසහිතයි
As she wetted her lips with a glass of condensed milk and looked at me, my memory drifted to Queen Marie Antoinette of King Louis XVI, who looked upon starving peasants begging for bread and famously barked, “If they have no bread, let them eat cake.”
I wonder if a corner of her heart still remembers how, five years ago, I too begged for bread from that five-foot-tall girl with curly hair resting on her shoulders.
Before her, the only cake I ever knew was Apple Cake from Wasana Bakers. But every time we met, she got me hooked on cheesecake, subjecting me to her command for four full years.
…
Removing the straw from between her lips, she says:
“Sir, if you don’t have cash, let us know—we accept cards.”