දොලොස්බාගේ ගිහින් කාපු කටු
හෑලි තමා මේවා නම්…
අම්මටසිරි වෙන්න කියලා 2018 ෆෝන් ගැන ලියන එක නතර කළාට පස්සේ අවුරුදු 4කින් නෝට්පෑඩ් එකේ හෑල්ලක් ලියන්නේ, හරිද?
අප්පටසිරි වෙන පසුබිම් කතාව හරී එහෙනම්, මේ ට්‍රිප් එක යන්නේ තනියෙන් නෙවෙයි, තව යාළුවෙක් එක්ක. මේක ප්ලෑන් කළේ අපි මාස දෙකකට විතර කලින්. අපි මුලින්ම සෙට් වෙලා ගිය දිහාවෙම යන්න හිටියත්, ඒ ගමන හිතපු තරම්ම ආතල් ගමනක් නොවුණු නිසා ටිකක් වෙනස් දිහාවකට යන්න කියලා අපි තීරණය කළේ ගමන යන්න දවස් තුනකට කලින්.
- පෙර දිනය - මුලින්ම හෙන්දිරික්කට කතා කරලා ඇහුවා වහිනවද කියලා. “දුම් දාන්න වහිනවා, එන්න එපා” කිව්වා. ඊටපස්සේ ඉත්තෑව නිසාම දසා අක්කටයි තරිඳු අයියටයිත් කතා කරලා ඇහුවා. ඒගොල්ලොත් කිව්වේ “කටු කන්න ඕකේ නම් වරෙන්” කියලා. ඉපදිච්ච දවසේ ඉදන්ම කටු කන මට ඕක මොනාද කියලා ඉතින් ගමන යන්න ලෑස්ති වුණා.
කොහොමහරි අපි යන්න හිටියේ සඳුදා. අර මනුස්සයා ස්කූටරේ පල්ලේ වැටිලා කකුල තලාගෙන තිබ්බා ඉරිදා හවස!
- ගමන යන්න ගිය දවස 1 - ඔන්න ඉතිං සිරියාමේසාරාhoehoeතුසාරා කියලා මං උදේම බයික් එකත් අරන් වැස්සෙම පල්ලමට බැස්සා (ඔව් ගේ කන්දක් උඩ තියෙන්නේ). උදේම හීතල හින්දා ස්ටාර්ට් වෙන්නේ නෑ කියලා හිතලා ඔන්නොහෙ පල්ලමට දාලම ස්ටාර්ට් කරගන්නවා කියලා ආවා. හරිගියේ නෑ වැඩේ…
පල්ලෙහාට ආවට පස්සේ කික් කළා, තල්ලු කළා, සද්දයක්වත් නෑ. බැරිම තැන වීල් එකකට කඹයක් දාලා ඇදන් ගිහින් බලද්දි තමයි දන්නේ CDI Unit එක ගිහින් කියලා! කොහොමහරි එදා යන්න වුණෙත් නෑ (හැබැයි එදා අරෙහෙට සෑහෙන්න වැහැලා ඈ). ආරංචියේ හැටියට නොගිය එකම හොඳයි වගේ. ඊටපස්සේ ගෙදර ගිහින් හොඳට වෙදර් ඇප් පීරලා පීරලා විස්තර හොයලා, යන්න පුළුවන් තත්ත්වයක් තියෙන නිසා වැඩේ ඊළඟ දවසට කල් දාගත්තා (සමනා තමයි ඇදන් ගියේ).
- ගමන ගිය දවස 2 - යටගිය දවස වගේම ඉතින් කලට වේලාවට ලෑස්තිවෙලා 6.30ට ගෙදරින් පිටත් වුණා මං. යනගමන් කෝකටත් පෙර සූදානම කියලා Loose Motion පෙති දෙකකුත් ගහලම ගියා ඌරපොලට අනිත් මනුස්සයව ගන්න. බොරු කියන්න ඕන නෑනේ, මෙච්චර කල් ගිය පාරවල් වලින් ආසම පාරක් තමයි තල්දූව - මීවිතගම්මන පාර. ඒකේ ඇති ලස්සනක් නෑ, ඒත් මාර ආතල්!
වෙනදා විදියටම ඉතිං ඌරපොලට වෙලා පැය බාගයක් විතර බලන් ඉද්දි, තඩි බෑග් එකකුයි අලි කකුලක් විතර සයිස් කකුලකුයි ඇද ඇද එනවා මගේ පැත්තට! කුණුහරුපෙන් උදේම බනින එක හරි නැති නිසා සද්ද නැතුව හෙල්මට් එක දීලා අපේ ගමන ආරම්භ කෙරුවා. රුවන්වැල්ල එහෙම කිට්ටු වෙනකන්ම දෙන්නගෙන් එකෙක්වත් කතා කළෙත් නෑ, සමහර විට උදේ නිසා වෙන්න ඇති. ඊටපස්සේ අපි බුලත්කොහුපිටියට මෙහායින් අවශ්‍ය අඩුම කුඩුම ජාති, කන බොන ඒවා එහෙම අරන් පැක් කරගත්තා… (තනියෙන් ගියා නම් ඔච්චර කට්ටක් කන්නේ නෑ ඉතිං).
බුලත්කොහුපිටිය පාරේ ගිය එකෙක් දන්නවනේ ඉතිං ඒ පාරේ තියෙන ආතල් එක. උඩ පැන පැන වගේ ඒ පාරේ ගියා. නලඟන ඇල්ලට එනගමන් එන්න කියලා හිතන් අපි මුලින්ම විව්පොයින්ට් එක බලන්න ගියා. යන මග ඉතින් සෙස්සි බනානා වෙනවා, මරු පාර… ගෙවල් පාරේ හැමදාම ඕෆ් රෝඩ් වුණාට මේ පාරවල් වල යන එකත් ආතල්.
ඒ යද්දි මගදි වැස්සකට සෙට් වුණා (පොඩි එකක්). ජැකට් අරවා මේවා දාන් උඩහට යනවා යනවා ඉවරයක් නෑ, අන්තිමට වෙන කොහේද මන්දා ගිහිල්ලත් එක්ක අපි ආයේ හරවන් ආවා. කොහොමෙන් කොහොම හරි 11ට විතර වෙද්දි Viewpoint එකට ගියා.

වැස්ස නිසා මාව නම් අම්බානෙක තෙමිලා හිටියේ (අනික් මනුස්සයාගේ කකුලට නම් BS වෙලා තිබුණේ, ඒ වෙද්දිත් උඩහට ගිහිනුත් බාගෙට ඇඬිලා වගේ හිටියේ)… ටිකක් ඉද්දි මීදුම එහෙම අයින් වෙලා හොඳ ලස්සන වීව් එකක් සෙට් වුණා. මට ඉතිං කොහේ ගියත් නටන්නයි සිංදු අහන්නයි ඕනිනේ… සිංදුවක් දාන් චිල් එකේ ටිකක් ඉදලා ෆොටෝ එහෙමත් ගහගෙන හිටියා. කොහොමෙන් කොහොම හරි අපි ගෙනිච්ච ඒවා කන්න බොන්න පටන් ගන්නකොට කොහේද මන්දා හිටපු කපල් දෙකක් ඇවිත් ඒකත් විනාශ වුණා.
පස්සේ අනික් මනුස්සයාගේ ඉල්ලීම නිසා එනගමන් නලඟන ඇල්ලට යමු කියලා එතනින් අපි ආවා. ඇල්ලට යන තැන තිබ්බ බෝර්ඩ් එක ගාවදි මට නිකන් කැහිල්ල වගේනේ… බුලත්කොහුපිටිය සභාවට කෝල් කරලා පොඩි මෝඩ ආතල් එකකුත් අරන් ඇල්ලට ගියා. මහලොකු සෙනගකුත් නෑ, අපි දෙන්නා විතරයි හිටියේ.

ඉතිං එතනට වෙලා කාලා බීලා 4.30ට විතර අපි ගෙවල් වලට එන්න පිටත් වුණා. එයාව 6ට විතර ගේ ගාවින් දාලා මං ගෙදරට එද්දි 8 විතර වුණා. අවුලක් නෑ, ෂේප් දවසක්!
(අහ්, ඊළඟ දවසේ හොස්පිටල් යන්න වුණාලු කකුල නිසා!)
- ඉවරයි ඉවරයි - මේක ලියන්න මට මෙච්චර හෑල්ලක් ඕනි නෑ, ඒත් පළවෙනි එක හින්දා මෙච්චර දිගට දැම්මේ, නැත්තං වචන 10න් ඉවර කරතැකි. උඹලට කියවන්න දේකුත් නැතුවනේ ඉන්න ඇත්තේ!
Yes, another long-ass blog post…
So after quitting writing tech & phone reviews back in 2018, I find myself writing a massive Notepad rant 4 years later. Fair enough, right?
The Crazy Backstory Alright then, I didn’t go on this trip solo—I took a buddy along. We actually planned this two months in advance. We originally intended to revisit a spot we went to before, but since that previous ride wasn’t as legendary as we hoped, we pulled a last-minute audible 3 days before launching and picked somewhere completely different.
- The Eve of Departure - First, I called Hendrikka to check the weather. “It’s raining cats and dogs here, don’t even think about coming,” he warned. But driven by sheer stubborn curiosity, I called Dasa Akka and Tharindu Aiya next. Their advice? “If you’re down to suffer and eat dirt, come on over.” Since I’ve been eating dirt and enduring suffering since the day I was born, I figured why not? Time to gear up.
We were scheduled to hit the road on Monday. Except on Sunday evening, my buddy somehow managed to crash his scooter downhill and completely pulverized his leg. Brilliant.
- Attempt #1 (Departure Day 1) - Monday morning came. Mumbling a prayer to Siriyama-Sarah-HoeHoe-Thusara, I grabbed my bike and rolled down the hill in pouring rain (yes, my house sits on top of a mountain). Thinking the cold morning air was making the engine stubborn to start, I decided to coast down the incline and bump-start it. Zero luck.
Once at the bottom of the hill, I kicked it, pushed it, cursed at it—not even a sputter. Out of sheer desperation, we tied a tow rope to the wheel, yanked it along, and inspected it, only to discover the CDI ignition unit had completely blown out! So yeah, day one was dead in the water (though turns out it poured heavily at our destination anyway, so blessing in disguise). I dragged myself back home, spent hours scouring weather radar apps, confirmed tomorrow looked clear, and postponed the mission to Tuesday (shoutout to Samana for towing my dead bike).
- Attempt #2 (Departure Day 2 - We Actually Ride) - Woke up, geared up, and rolled out of the house right on schedule at 6:30 AM. Taking a proactive stance against universe-level bad luck, I popped two anti-diarrhea pills as a preventative strike before riding to Urapola to pick up my wounded copilot. Honestly, out of all the routes I’ve ridden over the years, the Thalduwa - Meevithagammana stretch is one of my absolute favorites. It’s not scenic in a postcard way, but it’s pure riding joy.
True to form, I waited at Urapola for half an hour until I saw a massive backpack dragging an elephant-sized swollen leg hobbling towards me. Since swearing out loud first thing in the morning is bad karma, I silently handed over his helmet and launched the trip. We didn’t exchange a single word until near Ruwanwella—probably because it was too damn early to process reality. Further up near Bulathkohupitiya, we stocked up on essential snacks and drinks… (If I were riding solo, I wouldn’t drag half a grocery store along, but whatever).
If you’ve ever ridden the Bulathkohupitiya road, you know how wild it gets. We were practically bouncing up the curves. We planned to visit Nalagana Falls on the way back, so we aimed straight for the Dolosbage Viewpoint first. The twisties along the way were insanely satisfying—pure sexy banana curves. Sure, my home road is an off-road trail every day, but tearing up these mountain passes is an elite vibe.
Midway up, we caught a light rain shower. Clad in rain jackets, we kept climbing and climbing endlessly until we ended up completely lost somewhere in the middle of nowhere and had to backtrack. But by 11:00 AM, we finally crested the summit and hit the Dolosbage Viewpoint.

I was soaked to the bone from the rain (meanwhile, my buddy’s swollen leg was completely shot, and he looked half-ready to break down in tears). But after hanging out for a bit, the heavy mist parted, revealing a mind-blowing panoramic view. You know me—wherever I go, I need music and good vibes. I blasted a track, chilled out, and snapped some photos. Right when we unpacked our food to feast, two random romantic couples materialized out of thin air and ruined the solitude. Classic.
At my copilot’s request, we packed up and headed down towards Nalagana Ella waterfall. Passing the official entrance signboard, I got that familiar mischievous itch—so I placed a goofy call to the Bulathkohupitiya Pradeshiya Sabha just for laughs before walking down to the falls. Thankfully, there was zero crowd—just the two of us.

We chilled by the rushing water, ate our food, and at 4:30 PM, packed up for the long haul home. I dropped him off at his place around 6:00 PM and pulled into my driveway at 8:00 PM. All in all, a solid, successful day.
(Ah, side note: turns out he had to be hospitalized the very next day because of his leg!)
- The End - I didn’t need to write a whole novel for this, but since it’s my first writeup in years, I went all out. Otherwise, I could’ve wrapped this in 10 words. But hey, you probably had nothing better to read anyway!